එංගලන්තය කඩුලු 6ට 310
(UPDATE) තරගයේ මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩලු හයකට ලකුණු 310ක් රැස්කරගෙන සිටියි.
ජෝ රූට් හා ඇලෙක්ස් හේල්ස් අර්ධ ශතක රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළ අතර ශ්රී ලංකාව වෙනුවෙන් ණුවන් ප්රදීප් කඩුලු තුනක් හා මිලින්ද සිරිවර්ධන කඩුලු දෙකක් දවා ගත්හ.

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර චෙස්ටර්ලී ස්ට්රීට්හි රිවර්සයිඩ් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. ධම්මික ප්රසාද් වෙනුවට කණ්ඩායමට කැඳවූ ප්ර වේගකාරී පිතිකරු කුසල් පෙරේරාට තරගයේ අවස්ථාව හිමිව නොමැත.
පළමු තරගයට ක්රීඩා කළ දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තබෙන අතර ඔහු වෙනුවට මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවා තිබේ. ආබාධයක් හේතුවෙන් එංගලන්ත සංචාරය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, රංගන හේරත්, ශමින්ද එරංග, ණුවන් ප්රදීප්, සුරංග ලක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

