ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පාකිස්තානය පත්ව තිබේ. ඒ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය කණ්ඩායම දෙවැනි ස්ථානයට පත්කරමිනි. එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දක්ෂතාව හා පසුගිය වසර කිහිපයේදී පාකිස්තානය ටෙස්ට් පිටියේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා හා තරග ජයග්රහණයන් හේතුවෙන් ඔවුන් අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලියේදි ඔස්ට්‍රේලියාව ලැබූ පරාජය හේතුවෙන් අංක එක ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක තුනට පැමිණ අංක දෙකේ සිටි ඉන්දීය කණ්ඩායම ප්‍රථම ස්ථානයට පත්විය. කෙසේ වෙතත් ලකුණු 111ක් හිමිකරගනිමින් පාකිස්තාන කණ්ඩායම ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග ලෝකයේ අංක හයේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකාවේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැත.
.jpg)