ඉන්දියාවේ සිටි මැතිව්ස් ශ්‍රී ලංකාවට කැඳවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනුම් දිමක් අනුව අද (23දා) දිවයිනට පැමිණියේය. ජුනි මසදී එංගලන්තයේ පැවැතවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගන්නා කණ්ඩායම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිව්ස් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම සාකච්ඡාව අද දිනයේදී ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය. තෝරා ගත් කණ්ඩායම හෙට දිනයේදී මාධ්‍ය වෙත මුදාහැරීමට නියමිතය.
ජුනි මස ඇරඹෙන තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 18 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර තරගාවලියට පෙරාතුව පුහුණු තරග හතරක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතය.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නුවර පල්ලෙකැලේ පිටියේදී දින හයක පුහුණුවක් සඳහා එක්වීමටත් නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

