රිෙයා් ලිම්පික් තරගාවලියේදී ඉන්දියාව ඉහළට ඔසවා තැබූ ක්‍රීඩකාවන් ඇගයීමට ඉන්දීය හිටපු සුපිරි පිතිකරු මෙන්ම ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් කටයුතු කරනු ලැබීය. ඒ් ඔවුන් වෙනුවෙන් නවතම බී.එම්.ඩබ්ලිව් මෝටර් රථ හතරක් තෑග විශයෙන් පිරිනමමිනි.
ඒ අනුව සාක්ෂි මලික්, පී.වී. සින්දු, දීපා කර්මකර් හා බැඩ්මින්ටන් පුහුණුකරු වන පුල්ලේලා ගෝපිචන්ඩ් විසින් සචින්ගෙන් මෙම ත්‍යාග ලබාගත්තේය. ඉන්දීය මල්ලවපොර කන්ඩායම නියෝජනය කළ සාක්ෂි මලික් කිලෝග්‍රෑම් 58 බර පංතියෙන් ලෝකඩ පදක්කම දිගැනීමට සම්ත්වීමට ඇයට නවීනතම මෝටර් රථයක් හිමිවීමට හේතුවයි.
පී.වී. සින්දු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වෙන අතර ඇය ඔලිම්පික් තරගාවලියේදී කාන්තා කේවල අංශයේ බැඩ්මිටන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. දීපා කර්මකාර් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉන්දියාව ඔලිම්පික් තරගාවලියේදී නියෝජනය කළ අතර ඇයට පදක්කම හිමිකර ගැනීමට නොහැකිවිය. නමුත් ඉන්දීය ඔලිම්පික් ඉතිහාසයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් තරගාවලිය නියොජනය කළ පළමු ක්‍රීඩිකාව මෙන්ම වසර 52කට පසුව ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ පළමු ඉන්දිය ජාතිකයාද ඇය වෙයි.ඉන්දීය බැඩ්මින්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙන පුල්ලේලා ගෝපිචන්ඩ්, පී.වී. සින්දු ඔලිම්පික් රිදී පදක්කමක් වෙනුවෙන් මෙහෙයවනු ලැබීය.
