හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකා හා ප්‍රංශ විවෘත ටෙනිස් ශූරී සර්බියාවේ ඇනා ඉවනොවික් අන්තර්ජාතික ටෙනිස් පිටියට සමුදීමට තීරණය කොට ඇත.
සිය තීරණය ඊයේ (28) ප්‍රකාශයට පත් කරමින් ඇනා පවසන්නේ තමන්ගේ දක්ෂතා ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට ඇති නොහැකියාව සිය සමුගැනීමේ තීරණය ඉක්මන් කළ බවයි.
මේ වන විට ටෙනිස් ශ්‍රේණිගත කිරිම් හි 65 වැනි ස්ථානය දක්වා පහක බැස සිටින ඉවනොවික් මෙම වසරේ ආබාධ රැසකට මුමුණ දුන් අතර මෙම වසෙර්දී ඇයට ජය ගැනීමට හැකිවුයේ තරග 15 ක් පමණි.
%මට ක්‍රීඩා කරන්න පුළුවන් මගේ දක්ෂතා ඉහළ මටටමේ තිබ්බොත් විතරයි. මට එක් බොහෝ කාළයක් කරන්න බැරි වෙනවා කියන්නේ මට ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කාළය හරි කියන එකයි.^
ඇය පවසයි.
සුරූපී ක්‍රීඩිකාවක ලෙස ප්‍රේක්ෂක ආකර්ශණය දිනා ගත් ඇනා 2003 වර්ෂයේදී වෘත්තිය ටෙනිස් ක්‍රීඩාවට අත්පොත් තබන අතර 2008 වර්ෂයේදී සිය ටෙනිස් දිවියේ ස්වර්ණමය අවධිය පසු කරමින එම වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජය ගත්තේ ලොව අංක එකේ ටෙනිස් කිරුළ ද තමන් සතු කරමිනි. එම වසරේදීම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් අනුශූරිය ලෙස කිරළු පැළදීමටද ඇය සමත් වූවාය. 29 හැවිරිදි ඇනා ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් කිරුලක් දිනා ගත් පළමු සර්බියානු ක්‍රීඩිකාවද වේ.