ඇත්ලටිකෝ ,මොනාකෝ හා රියල් මැඩ්රිඩ් චැම්පියන්ස් ලීග් ජයග්රාහී ගමනේ
යුරෝපානු චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරග ත්රිත්වයකින් ජයග්රහණය ලැබිමට ඇත්ලටිකෝ මැඩ්රිඩ්, මොනාකෝ හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම් සමත් විය.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරග ලෙසින් පැවති මෙම තරග ඊයේ (12) පැවත්වූ අතර එහිදී පැවති පළමු තරගයෙන් ජර්මනියේ බොරුසියා ඩෝට්මුන්ඩ් පරදා ගෝල 3-2 ක ජයක් ලැබීමට ප්රංශයේ මොනාකෝ සමත් විය. එමෙන්ම ඊයේ වැඩිම ප්රේක්ෂක අවධානයකට ලක්වූ ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් හා ජර්මනියේ බයර්න් මියුනිච් අතර තරගයෙන් ගෝල 2-1 ක ජයක් වාර්තා කිරිමට රියල් මැඩ්රිඩ් සමත් විය.
මේ අතර ලෙෂ්ටර් සිටි හා ඇත්ලටිකෝ අතර පැවති තරගයනේ ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට ඇත්ලටිකෝ සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ තරමින් පෙර්දා (11) පැවති තරගයෙන් ඉතාලියේ ජුවෙන්ටස් හමුවේ ගෝල 3-0 ක පරායකට මුහුණ දීමට බාසිලෝනාවට සිදු වීම කැපී පෙනින.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

