එංගලන්ත පළමු පෙළ එක්දින තරගාවලිය වෙන රෝයල් ලන්ඩන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී සමර්සෙට් කණ්ඩායම නියෝජය කළ ශ්රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන ශතකයක් රැස්කරමින් එම කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් වෝසෙස්ටර්ෂයර් කණ්ඩායම පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 210ක් පමණි. ලකුණු 211ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි සමර්සෙට් කණ්ඩායම පන්දුවා 36.5කදී එක් කඩුල්ලක් පමණක් වැය කළ එම ඉලක්කය පසුකර ගියේය.
අගනා පිතිහරඹයක නිරතවූ මහේල ජයවර්ධන නොදැවී ශතකයක් රැස්කරමින් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියේය. ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙස පැමිණි මහේල පන්දු 111කදී හතරේ පහර 14ක් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 117ක් රැස්කළේය. තරගය ඊයේ (17දා) පැවැත්විණ.
.jpg)
.jpg)