ශ්රී ලංකාවට කඩුලු 3ක ජයක්
- 23 07 2021
- 23:30
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම 38 වන පන්දුවාරයේදී කඩුලු 7ක් දැවී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ අවිශ්ක ප්රනාන්දු ලකුණු 76 ක් ලබාගත් අතර භාණුක රාජපක්ෂ ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පැවති තරගය තරග දෙකට එකක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
