පුහුණු සටනේ ලකුණු සමවෙයි
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්රී ලංකා සංචිතයේ ක්රීඩකයන් අතර පැවති පුහුණු එක්දින තරගයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් එම තරගය ජයග්රහණයකින් තොරව ඊයේ (16දා) අවසන් විය. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්විණි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 250ක් රැස්කිරීමට සමත් විය. එහිදී රමේෂ් මෙන්ඩිස් (71), ඉසුරු උදාන (44) හා ඔෂද ප්රනාන්දු (39) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. පන්දු යැවීමේදී අකිල ධනංජය (28/3) හා චාමික කරුණාරත්න (38/3) කඩුලු දවාලූහ.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්රීඩා කළ කුසල් පෙරේරාගේ කණ්ඩායමටද පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 250ක් පමණි.
එහිදී අවිශ්ක ප්රනාන්දු (64), දසුන් ශානක (44), ධනුෂ්ක ගුණතිලක (30) හා කුසල් පෙරේරා (28) පිත්තෙන් දක්ෂතා දැක්වූ අතර, පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු (43/3) හා දුෂ්මන්ත චමීර (26/2) කඩුලු දවාලූහ.
මේ අතර ශ්රී ලංකා සංචිතයේ ක්රීඩකයින් අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් පුහුණු තරගය හෙට (18දා) පැවැත්වීමට නියමිත අතර, එම තරගය විස්සයි20 තරගයක් ලෙස පැවැත්වේ.
කෙසේ නමුත් ශ්රී ලංකා කණ්ඩායම මෙම සංචාරය ආරම්භ කිරීමේදී කෙන්ට් කණ්ඩායම සමගින් පන්දුවාර 50 තරගයකටත්, සසෙක්ස් කණ්ඩායම සමගින් විස්සයි20 තරගයකටත් ක්රීඩා කිරීමට සූදානමින් සිටියේය. නමුත් සෞඛරක්ෂිත හේතූන් මත එම පුහුණු තරග දෙකම පසුව අවලංගු කිරීමට සිදුවිය.
කුසල් මෙන්ඩිස්ගේ 250/9 (පන්දුවාර 50)
රමේෂ් මෙන්ඩිස් 71, ඉසුරු උදාන 44, ඔෂද ප්රනාන්දු 39, කුසල් මෙන්ඩිස් 19, අකිල ධනංජය 28/3, චාමික කරුණාරත්න 38/3, බිනුර ප්රනාන්දු 38/2, නුවන් ප්රදීප් 20/1
කුසල් පෙරේරාගේ කණ්ඩායම 250/9 (පන්දුවාර 50)
අවිෂ්ක ප්රනාන්දු 64, දසුන් ශානක 44, ධනුෂ්ක ගුණතිලක 30, කුසල් පෙරේරා 28, අසිත ප්රනාන්දු 43/3, දුෂ්මන්ත චමීර 26/2, ප්රවීන් ජයවික්රම 44/2, වනිඳු හසරංග 37/1, රමේෂ් මෙන්ඩිස් 39/1
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                