ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ නින්දිතම පරාජය ගැන දින පහකින් වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.
එමෙන්ම මෙම වාර්තාව සැකසීමේදී කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් මණ්ඩලයේ හා කණ්ඩායම් කලමණාකරුගේද අදහස්වලින් සමන්විය යුතු වෙයි.
එමෙන්ම දින 5ක කාලයක් තුළ ‘වාර්තාව’ ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුගෙන් ඉල්ලා ඇත.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 390/5ක් රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73ක් පමණි. ඒ අනුව ලකුණු 317ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, මෙය සැලකෙන්නේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                