ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි. ක්‍රීඩකයින් කාණ්ඩ හතරක් යටතේ තෝරාගෙන ඇති අතර දක්ෂතාවය, යෝග්‍යතාවය, නායකත්වය/ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය ඇතුළු නිර්ණායකයන් රැසක් මත පදනම්ව ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කර තිබේ.අගෝස්තු 01 සිට බලපැවැත්වෙන පරිදි එම ගිවිසුම් අත්සන් කර ඇති අතර, නව කොන්ත්‍රාත්තු මාස 05 ක කාලයක් සඳහා වලංගු වෙයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම කොන්ත්‍රාත් ගිවිසුම් ලබන දෙසැම්බර් 31 වනදායින් අවසන් වෙයි.
කොන්ත්‍රාත් අත්සන් කිරීමට පෙර එක් එක් ක්‍රීඩකයා සඳහා වන නිර්ණායක සහ ලකුණු වෙන් කිරීමට අදාළ තොරතුරු සියලු ක්‍රීඩකයින් වෙත ලබා දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.
කොන්ත්‍රාත්තු ලබා දුන් ක්‍රීඩකයින් අතරට මීට පෙර එක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව ඉවත්ව ඇති බැවින් ඔහු නව කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව නොමති අතර ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් මේ වන විට තරග තහනමකට ලක්ව සිටින බැවින් ඔවුන්ට ද කොන්ත්‍රාත් පිරිනමා නොමැති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් –
ධනංජය ද සිල්වා,කුසල් පෙරේරා,දිමුත් කරුණාරත්න,සුරංග ලක්මාල්,දසුන් ශානක,වනිදු හසරංග,ලසිත් ඇඹුල්දෙණිය,පැතුම් නිශ්ශංක,ලහිරු තිරිමාන්න,දුෂ්මන්ත චමීර,දිනේෂ් චන්දිමාල්,ලක්ෂාන් සඳකැන්,විශ්ව ප්‍රනාන්දු,ඕෂධ ප්‍රනාන්දු,රමේෂ් මෙන්ඩිස්,ලහිරු කුමාර,අෂෙන් බණ්ඩාර,අකිල ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                