වේග පන්දුවේ හා දඟ පන්දුවේ සටන ඇරඹෙයි
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. චන්දිමාල්ට තරග තහනමක් ක්‍රියාත්මකවීමට නියමිත හෙයින් ටෙස්ට් තරග දෙකට ඔහු ක්‍රීඩා නොකරයි. ඒ අනුව සුරංග ලක්මාල්ට කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ.
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ද ආබාධයෙන් අනතුරුව මෙම තරගයට ක්‍රීඩා කරයි. දිල්රුවන්, රංගන හා ලක්ෂාන් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
