විස්සයි20 සංචිතයට නවක මුහුණු පහක්
ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය අද (23දා) ප්රකාශයට පත් කළේය.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පසුගිය අගහරුවදා (21දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම සංචිතය නම්කර ඇත. 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නවක ක්රීඩකයන් වන බිනුර ප්රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සෙ, ශෙහාන් ජයසූරිය, දසුන් චානක හා ධනංජය සිල්වා කැඳවා සිටිති. ඔවුන් මෙතෙක් ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැත. ලසිත් මාලිංග සුපුරුදු පරිදි ශ්රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරයි.
ශ්රී ලංකා සංචිතය
1.ලසිත් මාලිංග (නායක), 2. තිලකරත්න ඩිල්ෂාන්, 3. කුසල් ජනිත් පෙරේරා, 4. කිත්රුවන් විතානගේ, 5. ධනංජය ද සිල්වා, 6. ඇන්ජලෝ මැතිවස්, 7. දසුන් චානක, 8. චාමර කපුගෙදර, 9. ශෙහාන් ජයසූරිය, 10. තිසර පෙරේරා, 11. ජෙෆ්රි වැන්ඩර්සේ, 12. නුවන් කුලසේකර, 13. බිනුර ප්රනාන්දු, 14. චතුරංග ද සිල්වා, 15. මිලින්ද සිරිවර්ධන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

