මාක් මාකස් මෝටො ජී.පී තරගාවලිය ජයග්‍රාහීව නිම කරයි
- 18 11 2019
- 10:56
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ස්පාඤ්ඤයේ මාක් මාකස් මෙවර මෝටො ජී.පී. යතුරු පැදි ධාවන තරගාවලිය ජයග්‍රාහීව නිමා කිරිමට සමත්විය. ඒ තරගාවලියේ අවසන් අදියරෙනුත් ජයග්‍රහණය කරමිනි. මෙය ස්පාඤ්ඤයේ වැලෙන්සියා හිදී පැවැත්විණි. ජයග්‍රාහී මාකස් තරග වට 27 කින් යුත් තරගය මිනිත්තු 41 තත්පර 21.469 කින් නිමා කලේය. එහි දෙවැනි ස්ථානය ප්‍රංශයේ ෆැබියෝ ක්වාටරාරෝ හට හිමිවූ අතර ඔස්ට්‍රේලියාවේ ජැක් මිලර් තෙවැනි ස්තානය දිනා ගත්තේය. අදියර 17 කින් යුත් මෙවර තරගාවලියේදී මාකස් හිමිකර ගත් 12 වැනි අදියර ජයග්‍රහණය මෙය වේ. කෙසේ වෙතත් මාකස් මෙවර තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය මීට පෙරම හිමිකරගෙන තිබුණි. ඔහු හිමිකර ගත් 6 වැනි මොටෝ ජී.පී. තරගාවලි ජයග්‍රහණය මෙය වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
