බංගිරිය ධාවන පථවලට රු.මි. 140ක් වෙන් කළත් ඉදිකිරිම් ආරම්භ කර නෑ
බිංගිරිය පළාත් ක්‍රිඩා සංකිර්ණ ව්‍යාපෘතිය යටතේ ඉදිවෙමින් පවතින මිටර් 200 හා මිටර් 400 ධාවන පථ සදහා ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 140 ප්‍රතිපාදන වෙන්කොට තිබුනද එහි ඉදිකිරිම් කටයුතු ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මිටර් 200 පථය සදහා රුපියල් මිලියන 40ක් සහ මිටර් 400 ධාවන පථය සදහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. කෙසේවුවද 2023 වර්ෂයේ අවසානය වනවිට මිටර් 200 ධාවන පථය ඉදිකිරිමට රුපියල් මිලියන 2.69ක මුදලක් සහ මිටර් 400 ධාවන පථය ඉදිකිරිමට රුපියල් මිලියන 7.69ක වියදමක් දරා තිබුණි.
මෙහි ඉදිකිරිම් කටයුතු ඉකුත් වර්ෂයේ අවසන් වනවිටත් අවසන්වි නොතිබුණි. ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත්තේ මිටර් 400 හා මිටර් 200 ධාවන පථ ඉදිකිරිමේ දි කොන්ත්‍රාත්තුව සදහා ප්‍රසම්පාදන තිරණය අමාත්‍යංශ ලේකම් විසින් අනුමත නොකළ බැවින් එම කොන්ත්‍රාත්තුව පිරිනැමිමට නොහැකිවි ඇති බවය.
ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්යෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

