පාකිස්තානය ලකුණු 137ක් පිටුපසින්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ පාකිසතානු කණ්ඩායම තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 6ට ලකුණු 291 ක් රැස්කර ගෙන සිටියේය.
ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 428ට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 137 ක් පිටුපසින් සිටියි.
දිනය නිමාවන විට මිස්බා උල් හක් (36) නොදැවී පිටියේ රැදී සිටියේය. දිනයේ අවසන් කඩුල්ල ලෙස සාෆ්රාස් අහමඩ් (05) පිටියෙන් ඉවත්විය. තම දිවියේ හොඳම ටෙස්ට් ඉනිම ක්රීඩා කළ අහමඩ් ශේෂාඩ් පාකිස්තානු කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්විය. හෙට (19) තරගයේ සිවුවැනි දිනයයි. තරගය සාජා පිටියේදී පැවැත්වෙයි.
ශ්රී ලංකාව පළමු ඉනිම 428/9 (පන්දුවාර 172)
දිල්රුවන් පෙරේරා 95 (පන්දු 247, 4x12, 6x2 )
ඇන්ජලෝ මැතිවුස් 91 (පන්දු 256, 4x5, 6x1 )
කුමාර් සංගක්කාර 52 (පන්දු 103 , 4x5 )
මහේල ජයවර්ධන 47 (පන්දු , 4x5, 6x2 )
ප්රසන්න ජයවර්ධන 35 (පන්දු 77, 4x2 )
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 3/81 (පන්දුවාර 32 )
මොහොමඩ් තල්හා 3/99 (පන්දුවාර 32 )
සහීඩ් අජ්මාල් 2/120 (පන්දුවාර 55 )
අබ්දුල් රෙහේමාන් 1/101 (පන්දුවාර 50 )
පාකිස්තානය පළමු ඉනිම 291/6 (පන්දුවාර 95.3)
අහමඩ් ශේෂාඩ් 147 (පන්දු 275, 4x12, 6x1 )
කුරම් මන්සූර් 52 (පන්දු 125, 4x4 )
මිස්බා උල් හක් 36 (පන්දු 64, 4x1, 6x1 )
ශ්රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 3/88 (පන්දුවාර 31.3)
ශාමින්ද එරංග 2/53 (පන්දුවාර 19)
දිල්රුවන් පෙරේරා 1/71 (පන්දුවාර 17)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

