ධනංජය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි
- 24 04 2021
- 13:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.
බංග්ලාදේශය රැස්කළ ලකුණු 541/7 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 112කදී කඩුලු තුනකට ලකුණු 382ක් රැස්කරගෙන සිටියි.
දිමුත් කරුණාරත්න 150* ධනංජයද සිල්වා 110* නොදැවී පිටියේ රැඳී සිටිති.
අද තරගයේ සිවුවැනි දිනයයි. බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 159ක් පසුපසින් සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
