චන්දිමාල් 9 වැනි ශතකය ලබයි
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (29දා) සමත්විය. ඒ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මේ වන විට අබුඩාබි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම තුළදීය.
ඔහු පන්දු 273කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එයට හතරේ පහර 11ක් ඇතුළත් විය. මේ වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමෙන් පසුව චන්දිමාල් ශතකයක් රැස්කළ අවස්ථාව මෙය වෙයි. ටෙස්ට් නායකයෙකු ලෙස චන්දිමාල් රැස්කළ පළමු ශතකය මෙය වෙයි.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 119කදී ලකුණු 310ක් රැස්කරගෙන සිටින අතර නායක චන්දිමාල් 101* (පන්දු 275), ඩිල්රුවන් පෙරේරා 0* (පන්දු 29) නොදැවී පිටියේ රැදී සිටිති.
අද දිනයේදී මේ දක්වා ශ්රී ලංකා කණ්ඩායමේ දැවී ගිය එකම ක්රීඩකයා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 83කට දැවී ගියේය. ඔහු නායක චන්දිමාල් සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක සබඳතාවක් පැවැත්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


