ඉන්දියාවට දරුණු පරාජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (17දා) පැවැති පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 244 ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. එය ඉන්දීය කණ්ඩායමක් එංගලන්තය හමුවේ පරාජය වූ තෙවැනි දරුණුතම පරාජයවූ අතර, ඔවුන් මේ දක්වා ටෙස්ට් තරග 43ක් එංගලන්තය හමුවේ පරාජය වී ඇත.
එංගලන්ත ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණි. තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 486ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 336 ක් පසුපසින් සිටිමින් නැවතත් දෙවැනි ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම ලකුණු 94කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
	
ඉන්දියාව පළමු ඉනිම 148/10 (පන්දුවාර 61.1 )
මහේන්ද්‍ර සිං දෝනි 82 (පන්දු 140, 4x15, 6x1)
මුරලි විජේ 18 (පන්දු 64)
ක්‍රිස් වෝක්ස් 3/30 (පන්දුවාර 14)
ක්‍රිස් ජෝඩන් 3/32 (පන්දුවාර 14)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/27 (පන්දුවාර 15.1)
එංගලන්තය පළමු ඉනිම 486/10 (පන්දුවාර 116.3)
ජෝ රූට් 149* (පන්දු 165, 4x18, 6x1)
ඇලිස්ටෙයාර් කුක් 79 (පන්දු 183, 4x9)
ගැරී බැලන්ස් 45 (පන්දු 73, 4x9)
ඉෂාන්ත් ෂර්මා 4/96 (පන්දුවාර 30)
රවිචන්ද්‍රන් අශ්වින් 3/72 (පන්දුවාර 21.3)
ඉන්දියාව දෙවැනි ඉනිම 94/10 (පන්දුවාර 29.1)
ස්ටුවර්ට් බිනී 25* (පන්දු 28, 4x4)
විරාට් කෝලි 20 (පන්දු 20, 4x2)
ක්‍රිස් ජෝඩන් 4/18 (පන්දුවාර 4.2)
ජේම්ස් ඇන්ඩර්සන් 2/16 (පන්දුවාර 8)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 1/22 (පන්දුවාර 10)
තරගාවලියේ වැඩිම ලකුණු
ජෝ රූට් 518 (වැඩිම 154*, සාමාන්‍ය 103.60)
ගැරී බැලන්ස් 503 (වැඩිම 156, සාමාන්‍ය 71.85)
මුරලි විජේ 402 (වැඩිම 146, සාමාන්‍ය 40.20)
වැඩිම කඩුලු
ජේම්ස් ඇන්ඩර්සන් 25 (ලකුණු 515)
මොයින් අලී 19 (ලකුණු 437)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 19 (ලකුණු 437)
වාර්තා
මහේන්ද්‍ර සිං දෝනි විදෙස් රටකදී ලැබූ 14 වැනි ටෙස්ට් තරග පරාජය
එංගලන්තය ඉනිමකින් හා ලකුණු පරතරයකින් ලබාගත් 99 වැනි ජයග්‍රහණය
ඉන්දීය කණ්ඩායමක් ඉනිමකින් හා ලකුණු 200ට වැඩි පරතරයකින් ටෙස්ට් තරගයක් පරාජය වූ 6 වැනි අවස්ථාව
ඉන්දීය කණ්ඩායමක් 1977 වසරේ සිට ටෙස්ට් තරගයකදී ලකුණු 200 ට අඩුවෙන් සියල්ලන්ම දැවී ගිය සිවුවැනි අවස්ථාව.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                