අයි.සී.සීයට නව සාමාජික රටවල් තුනක් එක් වෙයි
- 19 07 2021
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ (18) පැවැති අයි.සී.සීයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී තවත් රටවල් 3ක් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
මොන්ගෝලියාව, ටජිකිස්ථානය හා ස්විට්සර්ලන්තය එලෙස සාමාජිකත්වය ලබා ගත් බව අයි.සී.සීය සදහන් කර සිටියේය. මොන්ගෝලියාව හා ටජිකිස්ථානය ආසියානු කලාපයෙන් අයි.සී.සීයේ සාමාජිකත්වය ලබා ගත් 22 වන හා 23 වන රටවල් ලෙසයි ඉතිහාසයට එක් වෙයි. ස්විට්සර්ලන්තය යුරෝපා කලාපයෙන් එහි සාමාජිකත්වය ලබා ගත් 35 වන රටයි. ඒ අනුව අයි.සී.සී සාමාජික රටවල් සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පූර්ණ සාමාජිකත්වය හෙවත් ටෙස්ට් තත්ත්වය හිමිව ඇත්තේ රටවල් 12කට පමණයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
