අපි හොදින් ක්‍රීඩා කළේ නෑ - රංගන
“අපි මීට වඩා හොඳ කණ්ඩායමක්. කණ්ඩායමක් අපිට එරෙහිව ලකුණු 600ක් රැස්කළේ බොහෝ කාලයක් පසුව. අපිට හොඳන් පන්දු යැවීමට තිබුණා. අපේ පිතිකරුවන් ශතක සීමාවට ගොස් දැවි ගියා. නමුත් ඉන්දියානුවන් ශතක රැස්කළා. ඒක තමයි තරගයේ තිබුණ වෙනස. ඒ ගැන අවධානය යොමුකරමින් අපි ඉදිරිය යා යුතුයි.”
යැයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තාවකාලික නායක රංගන හේරත් සඳහන් කළේය. පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවේදි රංගන හේරත් මේ බව ඊයේ (29දා) පැවැසීය.
“අපි පන්දු යැවීම, පන්දු රැකීම හා පන්දුවට පහරදීම හරි ලෙස කළේ නෑ. අපි ඉදිරියට යනවිට කරන්න ඕන මොකක්ද කියා සිතන්න ඕන. තරගයේදී සියලු ගෞරව ඉන්දීය කණ්ඩායමටයි. ඔවුන් හොඳින් ක්‍රීඩ කළා.”
“මම තරගයට පොරාතුවත් කීවේ මේ විකට්ටුව පිතිකරුවන්ට හොඳ බවයි. නමුත් මම හිතුවා සිව්වැනි හා පස්වැනි දිනයේදී විකට්ටුව දඟ පන්දු යවන්නට සහායක් දක්වාවි කියලා. නමුත් විකට්ටුව දඟ පන්දු යවන්නන්ට සහායක් දැක්වූයේ නෑ. නමුත් තරගයක පරාජයෙන් පසුව ඔබ කිසිවෙකුටත් දෝෂාරෝපණය කිරමෙන් පළක් නෑ. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

