ලංකාවේ පළමු චීන විහාරය කුරුණෑගල
ලංකාවේ ඉදිවන ප්‍රථම චීන විහාරස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොතුහැර ප්‍ර‘දේශයේ ඉතා දර්ශනීය ස්ථානයක මේ වනවිට ඉදිවෙමින් පවතී. චීන බොදු හඬ මධ්‍යස්ථානය නමින් ඉදිවන මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස ගින්නලියේ ශීලවංශ හිමියෝ වැඩ වෙසෙති. ඉතා පෞරාණික බවකින් යුතු ගල්කඳු සහිත අක්කර තුනක පමණ භූමියක මෙම විහාරස්ථානය ඉදිවේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් විහාරාධිපති ගින්නලියේ ශීලවංශ හිමියෝ මෙසේ පැවසූහ.
“අපේ රට හරිම සුන්දර රටක්. චීන ජනතාව හොඳ දේ අරගෙන මෙහේ ඇවිත් වන්දනාමාන කරනවා. උදව් උපකාර කරනවා. මේ පන්සල ඉදිවෙන්නේ චීන ජනයාගේ උදව් උපකාර ඇතිවයි. කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නෑ. අපේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා වෙන ලෙසයි සියල්ල ඉදිවෙන්නේ.
ඒ වගේම සසුන් කෙත බබළවන බුදු පුතුන්ට, දුප්පත් පාසල්, පෙරපාසල් හා විවිධ ආබාධිත අයට, ජාති, ආගම්, කුල භේදයකින් තොරව විවිධ උදව් උපකාර කිරීමේ ප්‍රජා සත්කාර සේවාවක්ද අපි මේ වනවිට ආරම්භ කරලා තියෙනවා"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






