සම්බුදු තෙමගුල නිමිත්තෙන් මෙවර යාපනය දිස්ත්‍රීක්කයේද වෙසක් කලාපයක් සංවිධානය කොට තිබූ අතර වෙසක් කලාපය නැරඹීම සඳහා සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් රැසක් සහභාගී වී සිටියහ.
යාපනය නගරසභා ක්රීඩාංගයේදී සංවිධානය කොට තිබූ මෙම වෙසක් කලාපය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබූ අතර මෙහෙයවීම උතුරු පළාත් ආණ්ඩුකාරකාර්යාලය මගින් සිදු කෙරිණි.
එහිදී වෙසක් තොරණක් ,මහා බත් දන්සලක් මෙන්ම බක්තිගීත සන්දර්ශනයක් හා සිංහල දෙමළ හා මුස්ලිම් සියලු දෙනා විසින් ඉදිරිපත් කොට තිබූ වෙසක් පහන්කූඩු ප්රදර්ශනයක්ද පැවත්වුණි.
යාපනය වෙසක් කලාපය 21 දා උතුරුපලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩුකුරේ මහතාගේ සහ යාපනය ආඥාපති මේජර් ජෙනරල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව්.සේනානායක හා යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක්ගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරිණි.
එමෙන්ම සම්බුදු තෙමගුළට සමගාමීව ඊයේ (21දා) කිලිනොච්චිය ප්‍රදේශයේ කරච්චි ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත් අඩු අදායම් ලාභී පවුල් 29කට එළ ගවයින් 29 දෙනෙකුට ලබා දීම 57 සේනාංකයේ ආඥාපති බ්‍රිගේඩියර් අරුණ සුදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කිලිනොච්චිය කරුනාකිලම් මධ්‍යස්ථානයේදී සිදු විය.
එකල අවි අමෝරා ගත් යුධ හමුදා නිළධාරීන් විසින් උතුරු පළාත තුල සිටින දමිළ ජනතාවට මෙවන් අති උතුම් ක්‍රියාවක් සම්බුදු තෙමගුළ යෙදී ඇති අද දින සිදු කිරීම මගින් ආගමික සහජීවනය මෙන්ම මානුෂීය සබැදියාවද මනාව පෙන්නුම් කරන බව මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.