ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි මස 27උදෑසන 8.00ට චිරාගත චාරිත්‍රානුකූලව කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වීමට නියමිතය.
27 දින සිට 31 වැනි දා දක්වා ශ්‍රී දළදා මාලිගාව සහ සතර දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වෙන අතර ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 01දා වීදි සංචාරය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු මස 06 වැනිදා වීදි සංචාරය කරීමට නියමිත අතර රන්දෝලි පෙරහර පහකින් පසුව අගෝස්තු 10 වැනි දා අලුයම ගැටඹේ දිය කැපීමෙන් පසුව අගෝස්තු 11 වැනි දා දහවල් පෙරහරින් පසු ඇසළ මංගල්‍යය අවසන්වීමට නියමිතය.