බක් පොහොය පොහොය වැදගත්කම
භාග්‍යවන්ත මාසය තුළ යෙදෙන පොහොය දිනය එනම් බක් පොහොය අදට යෙදී ඇත.
මහා සටනකට එළඹෙන නාගයන් දමනය කිරීමට, පස්මරුන් පරදා බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී නාගදීපයට වැඩම කළ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ.
සතර පෙර නිමිති පහළ වීම
සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත්සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහෝය දිනය විනෝද වීමට හා ආගමික සද්ක්රියාවන්හි නිරතවීමට අවකාශය ලබාදුනි. ඒ අනුව සිදුහත් මහ බෝසතාණෝද එදිනට විනෝද චරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියේය.
සුදොවුන් මහ රජතුමා බමුණන්ගේ කීම අනුව, ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සලසා තිබිණි. නමුත් විසිනවවසරක් සපිරි සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරනවිට පළමුවෙන්ම මහලු රූපය දැක ඇත්තේ බක් පුර පසළොස්වක පොහොය දිනකය.
කිඹුල්වත් පුර ගමන
සුද්දෝධන මහ රජතුමා ප්‍රධාන ඥාති වර්ගයාට නිවන් සුව අත්කර දෙනු පිණිස විසිදහසක් මහ සඟුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ බක්පුර පසළොස්වක පොහෝ දිනකය.
නාගදීපයට වැඩම කිරීම
මහ සටනකට එළඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරදවූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී නාගදීපයට වැඩම කළේ බක් අව පසළොස්වක පොහොය දිනකය.
සෘද්ධි බලයෙන් අහස් කුසින් යුද බිමට වැඩම කළ බුදුපියාණන් මහා ඝන අන්ධකාරයක් මවා නාගයන් බිය ගන්වා දමනය කළ බව සඳහන්ය. මෙහිදී බුදුරජාණන් වහන්සේ සසර ආදීනව කාකොලුක ජාතකය, වට්ටක ජාතකය, එන්දක ජාතකය, ලමුකික ජාතකයන් වදාරා වෛර‘යේ ඇති දොස් පෙන්වා සමගියේ උතුම් අනුසස්වලින් නාග සේනාවන් සැනසූ සේක.
චූලෝදර, මහෝදර නා රජවරුන් බුදුරජාණන් වහන්සේට මිණි පළඟක් පූජා කිරීමද මෙහිදීසිදු කෙරිණි.
මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න.
තෙරුවන් සරණයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

