ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද 10) රත්නපුර රත්ගඟ පිහිටි අසුමහා ශ්‍රාවක බුදුරජ මහා විහාරය හෙවත් “පුංචි දඹදිව” විහාරස්ථානයේ මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාග විය.
විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දෙව් පහල දේවමිත්ත හිමි පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර ඉදිකිරීමට නියමිත ධම්මික සෑ රදුන් වහන්සේ වෙත මුල්ගල් තැන්පත් කිරීම සිදුවිය.
1981 වසරේ අප්‍රියල් මස 14 වැනි දින රත්නපුර රත්ගඟ ප්‍රදේශයේ (එවකට ඝන වනල හැබක්ව තිබූ මෙම ප්‍රදේශයේ) අති පුජ්‍ය ගිලිමලේ චද්රලෝක හිමියන් විසින් මෙම විහාරස්ථානය නිර්මාණය ආරම්භ කරණ ලද අතර කාලයාගේ ඇවෑමෙන් අද දින වනවිට එය සබරගමු පළාතේ විශාල විහාරස්ථානයක් බවට පත්ව ඇත. ඉන්දියාවේ බුද්ධගයා මහා විහාරයේ අනුරුවක් නිර්මාණය කර ඉන්දියාවේ සැවත් නුවර ආනන්ද බෝධි ශාඛාවක් රෝපණයකර ඉන්දියාවේ බුද්ධගයා විහාරයේ සෑම අනුරුවක්ම නිර්මාණය කිරීමට කටයුතු කරණ හෙයින් මෙය පුංචි දඹදිව ලෙස ප්‍රසිද්ධව ඇත.
මෙම අවස්ථාවට ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු ආරධිතයින් විශාල සංඛ්‍යාවක් සහභාගවී සිටියහ.