ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.
ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හමියන්ගේ උපදෙස් හා අනුශාසනා අනුව ශ්රීපාදස්ථානයේදී චාරිත්‍රාණුකූලව සිදු කෙරෙණ ආගමික වත්වත් වලින් අනතුරුව (17) දා පෙ.ව. 11.00 ට පමණ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිමය, දේවාභරණ හා සදාතුක කරඬුව පංචතූර්ය නාදය මැද්දේ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය බලා වැඩම කිරීම සිදු කරනු ලබන්නේ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
අනතුරුව අවාර සමයේ තැන්පත් කර තිබෙන පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලය වෙත විශේෂ රිය පෙරහැරකින් වැඩම කිරීම (17) දා පස්වරුවේ සිදු කෙරේ.
මස්කෙළිය- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

