විදුලි ගාස්තු වැඩිවීමේ ගැටලුවට සහනයක් ඉල්ලයි
විදුලි ගාස්තු වැඩිකිරීම බොහෝ පූජනීය ස්ථනයන්ට දැරිය නොහැකිවීම හේතුවෙන් ඇතිව තිබෙන බලවත් පීඩනයට සහනයක් ලබාදීම සඳහා ජනපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළුව රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයි.
එසේම විදුලි ගාස්තු වැඩිකිරීමත් සමග පූජනිය ස්ථානයන්ට සූර්ය බලතාප පද්ධති මගින් විදුලිය ලබාදීමට ජනපතිවරයාගේ පැවැති අවධානය ඉක්මනින් ක්‍රියාත්මක කොට ආගමික් ස්ථාන මුහුණ පා ඇති දැඩි දුෂ්කරතාවයන්ට සහන සැලසීමට පියවරය ගන්නා ලෙසද එම සම්මේලනය පවසයි.
ශ්‍රි ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහා සභාවේ ඒකමතික සම්ම්තයෙන් ගත් යෝජනාවක් අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස එම සම්මේලනය ජනපතිවරයාට හා විදුලි බල හා බශක්ති අමාත්‍යවරයා යැවූ යෝජනාවේ මෙම කරුණු ඇතුළත් වෙයි.
popular news
-
LGPJ Friday, 21 July 2023 01:41 AM
Always almost heavy darkness is suits for it.!!!.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

