අල්පේච්ඡ බව පෙන්වූ හාමුදුරුවෝ
මේ වන විට සියලු දෙයෙහි මිළ ඉහළ ගොස් ඇති මේ මොහොතේ ඉතා අසීරුවෙන් ජීවත් වීමට සිදුව ඇති නිසා තමන්ට දානය රැගෙන ඒමට වෙහෙසීමෙන් වළකින ලෙස කොටවෙහෙර සුධීරගම ශ්‍රී ජිනරතන සඳහම් සෙවන විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන් තම දායකයින්ට පැපැවසූහ.
මේ අසීරු අවස්ථාවේ තම දායක පිරිස් පීඩාවට පත් නොකර ඔවුන් රැක බලා ගැණීම මහා සංඝරත්නය ලෙස තම යුතුකමක් බවද මහමිතව පඤ්ඤාරතන හිමියන් පැපැවසූහ.
"අප වෙත ලබා දෙන සාංඝික හා පේරු දාන පිරිනැමීමේදී දායක.පිංවතුන් ගෙන් කාරුණිකව ඉල්ලන්නේ පිරිකර ලෙස ඔබ අපට පූජා කරන්න සූදානම් කරණ කිරි පැකට්ටුව ඔබේ දරුවන්ට දෙන්න. මේ වෙලාවේ ඒක අපිට නෙමෙයි. දරුවන්ටයි අවශ්‍ය වෙන්නේ.
ඔබේ දරුවන්ට අඳින්න නැති මේ වෙලාවේ අපට සිවුරු මිලදී ගන්න එපා. අටපිරිකර පවා මිලදී ගෙන පූජා කරන්න වෙහෙසෙන්න එපා. සාංඝික දානයකදී වෑංජන වර්ග දෙකකට වඩා එපා. පේරු දානයට එක වෑංජනයක් ප්‍රමාණවත්. කිරිහොද්දක්,පොල් සම්බොලයක්, ලුනු මිරිසක් වුනත් ඇති.
අධික මිල ගණන් යටතේ වෙළඳ පලෙන් මිලදී ගන්නා කිසිම පළතුරක් ගේන්න එපා. තමන්ගේ ගෙවත්තේ තියන අඹ ගෙඩියක්, පේර ගෙඩියක්, වෙරලු ගෙඩියක්, දොඩං නාරං ගෙඩියක් , ගෙනාවම හොඳටම ඇති. කැවිලි පෙවිලි වර්ග ගේන්න අවශ්‍යම නෑ. ඒවට වියදම් කරන්න එපා.
ඔබ දානය පිරිනැමීමේදී වැදගත් වන්නේ එහි අඩංගු වෑංජන වර්ග, කැවිලි පෙවිලි වර්ග, පිරිකර වර්ග නෙමෙයි. සිතේ පිරිසිදුකමයි අවශ්‍ය. මේ අසීරු අවස්ථාවේ පංසලේ අපි කෙසේ හෝ ජීවත් වෙන්නම්. ඔබ ඔබේ දරුවන්ට හැකි අයුරින් කෑම බීම ටික සපයා දෙන්න. ඔවුන් පාසැල් යවන්න. ඔබේ පවුල රැක ගන්න.
යම් විදියකින් ඔබේ දරුවන්ට කෑම වේල සපයා ගත නොහැකි වූ අවස්ථාවක් වුවහොත් දානය වෙලාවට පංසලට එවන්න. වළඳන්නට ගත් බත් පිඩ හෝ ඔබට දෙන්නට මමත් මගේ පොඩි ස්වාමීන් වහන්සේලාත් සූදානම්. පවතින මේ තත්වයෙන් මිදුන දවසක අපි හැමෝම එකතු වී සාරවත්ව දානය දෙමු"
නිකවැරටිය ප්‍රියානි මංගලිකා


popular news
-
Nandana Tuesday, 15 March 2022 07:39 AM
Oba wahanse niyama Budu puthek , Mage namaskaraya wewa.!
Reply : 2 2
Nandana Tuesday, 15 March 2022 07:39 AM
Oba wahanse niyama Budu puthek , Mage namaskaraya wewa.!
Reply : 2 2
සත්‍යපාල Tuesday, 15 March 2022 09:36 AM
පේරු දානය නැත්නම් වතා දානය කිව්වම අපේ පසුගිය දානය මතක් වුනා දානය අවශ්‍ය අනවශ්‍ය බව විමසූ අවස්ථාවේ හිටියෙ පොඩි හාමුදුරුවෝ මට කිව්වෙ හාමුදුරුවෝ පස් නමයි වැඩ කරන අය තුන් දෙනයි කියලා ඉතින් මම සෑහෙන ප්‍රමාණයක් දානය ගෙනගියා යනකොට අර හාමුදුරුවෝ නූඩ්ල්ස් ගෙනත් තම්බලා අපි දානය ගෙනගොස් තියෙද්දී අර උන්නාන්සේ අපි ඉදිරියේ නූඩ්ල්ස් බෙදාගෙන කාමරයට ගියා පසුව බැලුවම ඇත්තටම දානය සදහා හිටියෙ එක හාමුදුරු නමක් පමණි එදා අපිට හරියට දුකක් ඇතිවුණා ඇති හැකි ලොක්කො නයි නටවද්දී මේවා පුදුම දේවල් නොවෙයි කියන්න හැකිය ඒ අතින් මේ හාමුදුරුවෝ සත්‍ය හාමුදුරු කෙනෙක් කියන්න පුළුවන්
Reply : 2 2
Deepani Dissanayaka Tuesday, 15 March 2022 01:17 PM
මෙවැනි හිමියන් sasunata වාසනාවකි .පින්වත් හිමියන් සිතන අයුරු සිතන ආගමික නායකයන් තව තවත් බිහි කරන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ! පන්සල වෙතින් මිනිසුන් දුරස් වන යුගයක මෙවැනි හිමිවරු නිර්මාණය කරන අලුත් මෙහෙවර අති පූජනීය වේ.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

