නල්ලතන්නි මාර්ගයෙන් පමණක් ශ්රී පාද වන්දනාවට ලක්ෂ 4ක් ඇවිත්
මෙවර සති අන්තයේදී ශ්රි පාද වන්දනාව සඳහා නල්ලතන්නිය -ශ්රීපාද මාර්ගයෙන් ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
වන්දනාකරුවන් අධික නිසා ශ්රීපාද උඩ මළුවේ සිට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයේ සීතගඟුල දක්වා සති අන්තයේ දැඩි තදබදයක් තිබුණ බව පොලීසිය කියයි. පැවති තදබදයත් සමග ශ්රීපාද මළුවට ළඟා වීමට නොහැකිව දේශිය වන්දනාකරුවන් හා විදේශිය සංචාරකයින් විශාල පිරිසක් ආපසු නල්ලතන්නිය බලා පැමිණි බව සංචාරක මඟ පෙන්නන් වවසති. දුර බැහැර සිට පැමිණි තමන් එකම ස්ථානයේ පැය ගණනක් රැඳී සිටීමට සිදු වූ නිසා දැඩි අපහසුතාවයකට පත් වූ බව එම වන්දනාකරුවෝ පැවසූහ.
නල්ලතන්නිය නඟරයේ පිහිටි ප්රාදේශිය සභා රථ ගාල ඇතුළු සියළු පෞද්ගලික රථ ගාල් රථ වාහන වලින් පිරී යාම නිසා නල්ලතන්නිය-මස්කෙළිය ප්රධාන මාර්ගයේ කිලෝ මීටර් 08 ක පමණ දුරට මාරගය දෙපස වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් රථ ගාල් කර තිබුණි.
මෙවර ශ්රීපාද වන්දනා සමයේ වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි සති අන්තය මෙය බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් රැසක් දිවා රාත්රී සේවයේ යොදවා තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

