පරිසර හානි වන බව පරිසර ඇමති පිළිගනියි
පරිසර සුරක්ෂිතතාවය උදෙසා සහ පාරිසරික වශයෙන් බලපාන ගැටළුලට විසඳුම් ලබා දීම පිණීස පරිසර අමාත්‍යාංශය හා සම්බන්ධීකරණයට උපාධිධාරි සංවර්ධන නිලධාරින් 350ක් බඳවා ගැනීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම උපාධිධාරින් දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කෙරේ.
මෙහි පළමු කණ්ඩායම වශයෙන් 175 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (01) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ඊට සහභාගි වුහ.
වර්තමානයේ විවිධ අයුරින් වාර්තා වන පරිසර හානි කිරීම් සම්බන්ධවත්, විශේෂයෙන් පාරිසරික ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවට පාරිසරික සාක්ෂරතාවය ලබා දීම, පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා , හුස්ම දෙන තුරු, මිහිමවට කන්දෙමු , වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ දී සහාය ලබා ගැනීම මෙම පත්වීම් ලබා දීමේ අරමුණ වේ.
“වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.
මේ ජාවාරම්කාරයින් විසින් ගස්කපනවා. පස් කපනවා. සතුන් මරනවා. වැලි ගොඩ දාන්න ගංඉවුරු විනාශ කරනවා. මේ අය අත්අඩංගුවට අරගන්නවා. නමුත් ඔවුන්ට ලැබෙන දඩුවම් ප්‍රමාණවත් නැහැ.
ඒ නිසා මේ පත්වීම් ලබන ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා ගිය පසු එම නිලධාරින් සමග එක්ව ප්‍රදේශීය වශයෙන් පරිසර සංරක්ෂණ වැඩ සටහන් ඇරඹිය යුතුයි.
සෑම ගමකම පරිසර කමිටු පිහිටුවිමේ වැඩ පිළීවෙළක් අරඹන්න මම තීරණය කර තිබෙනවා. ගම්වල සිටින පරිසරය සම්බන්ධව උනන්දුවක් දක්වන තරුණ තරුණියන් එක් රැස් කර ගනිමින් ඔබට පුලුවන් ග්‍රාමීය පරිසර කමිටු පිහිටුවන්න. අපේ රටේ ග්‍රාම නිලධාරි වසම් 14,000ක් පමණ තිබෙනවා. ඒ හැම ගමකම පරිසර කමිටු පිහිටුවීමේ වගකීම ඉටු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”
popular news
-
janahitha Friday, 02 April 2021 12:20 PM
pama una vadiyi mahathmaya api parisaraya rakinna vadapilivelakata yomu venna thiranaya karala avasanayi anthimata oblata ithuryuvanne pas kala kapanasamajaya pamanak namuth janabalaya itha vishala bava mathaka thabaganna
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

