පළමු පාවෙන විදුලි බලාගාරය දියවන්නාවට
ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.
දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබදව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
විදුලිබල අමාත්‍යාංශය, සූර්ය,සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහවැලි අධිකාරිය, සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නවමු ව්‍යාපෘති සංකල්පයේ දෙවන අධියර වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් කිහිපයක් නම්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට නියමිතය. මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකරනු ඇත අතර අවම ධාරිතාවය මෙගාවොට් 100 ක් වියයුතු බවට මේ වනවිට යෝජනා වී තිබේ.
popular news
-
Mahesh Wednesday, 21 July 2021 11:56 AM
Ai oka godabeeme Gahanna bari. Thawath wiyadamma aduii ...galawashpa wadi kaleta kiyakirine dosha patan gannawaaa
Reply : 2 4
Kumar Friday, 06 August 2021 09:49 AM
Naya adhara kiyala deyak thibawada? Naya nam nayata. Apsu gewanna oney polish samaga.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

