රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලැබූ තිදරු පියෙකු ආබාධිත වූ පාදයේ සැත්කමක් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිව අසරණවී සිටිති.
අඹන්පොල, ගැටදිවුල ගම්මානයේ පදිංචි එච්.එම්. ගාමිණී දිසානායක ප්‍ර‘දේශයේ හෝටලයක රස කැවිලි ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ රියදුරෙකි.
2015 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා රිය අනතුරකින් ඔහු බරපතළ ලෙස තුවාල ලැබීය. මාස අටක පමණ කාලයක් ප්‍රතිකාර කළද ඉන් සුවයක් නොලැබුණ අතර, කකුල සුව කරගැනීම සඳහා ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබේ.
ඒ සඳහා වැයවන මුදල රුපියල් අසූදහසකි. නමුත් දැනට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔහුට එතරම් මුදලක් සොයා ගැනීම ඉතා අසීරු කරුණකි.ඔහු තිදෙරු පියෙකි. වැඩිමල් දරුවන් දෙදෙනා තවමත් පාසල් යන වයසේ පසුවන අතර ළාබාල දරුවාගේ වයස අවුරුදු එකහමාරකි. ඔවුන්ගෙ අනාගතය සරුසාර කරගැනීමට නම් පියාගේ පාදය සුවපත් කරගත යුතුය.ඒ සඳහා දුකේදී සංවේදී වන ඔබගේ ආධාරය උපකාරය අවශ්‍යව තිබේ.
ඔබේ ආධාරය ගල්ගමුව මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 184-2-001-7-6032875 ගිණුමට ලබාදෙන ලෙස ඉල්ලා සිටී. මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට 071-3580632 ඇමතීමෙන් ලබාගත හැකිය.