ADA
www.ada.lk
2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා
රිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණි.
ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, අධ්යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, රිටිගල ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂ පූජ්‍ය ගොඩාමුණේ පඥ්ඥාසීහ ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
මෙහි කැණීම් කටයුතු වසර හතරකින් කටයුතු අවසන් කිරීමට නියමිතය.
ඉපැරණි බන්දා පොකුණ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් හෙබි ස්වභාවික මෙන්ම පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුත් රිටිගල පුරාවිද්‍යාත්මක රක්ෂිතයේ පිහිටා තිබේ.
උතුරු මැද පළාතේ පලුගස්වැව සහ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පිහිටා ඇති රිටිගල පුරාවිද්‍යා භූමිය දඹුලු, සිගිරි පර්වත මෙන් වසර දහස් ගණනක් පුරා සිදුවූ භූමි ඛාදනයේ ප්‍රතිඵල මගින් නිර්මාණය වූවක් ලෙස සැලකේ.
popular news
වෛද්‍යවරියට අතවර කළේ බලහත්කාරයෙන් නොවන බව සැකකරුගෙන් ප්‍රකාශයක්
සීනි අලෙවි කරගැනීමට නොහැකිව පැල්වත්ත ගැටලුවක
විද්‍යුත් වාහන බද්ද සියයට 15කින් ඉහළට
කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි
ජාතික රණවිරු සැමරුමට ජනාධිපති සහභාගීවීමට තීරණය කරයි
විගණකාධීපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති යොමු කළ නම ප්‍රතික්ෂේප කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd