කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීමේ අවස්ථාවට තලංගම මෙට්රො බස් ඩිපෝ පරිශ්රයේදී අද (29) පෙරවරුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
නවීන මෙට්රො බස් සේවාවක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණු අතර, ශ්රී ලංකාවේ පොදු ප්රවාහන ක්ෂේත්රයට නවීන බස් සේවාවක් හඳුන්වාදීම සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක ප්රතිපාදනයක් වෙන් කරන ලදී. ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය මගින් ලබා දෙන ලද බස් රථ 08ක් අද සිට මෙලෙස ධාවනයට එක් කෙරිණි.