නව යුගයක් බිහිකිරිමට ආරාධනා කරනවා
දූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.
“සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
“අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, කිරිපිටි පොල්ම්, හාල් සීනි පෝලිම් ඒක්ක පෝලිම් යුගයක් අද මේ රජය බිහිකරලා හමාරයි. අපේ තෙල් පිරිපහදුව වසර පනස් ගණනකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් නැතුව වහලා තියෙනවා.
බොරතෙල් ගන්න සල්ලි නැති ආණ්ඩුවට පිරිපහදු කරපු තෙල් ගන්න ඩොලර් තියෙනවා. මේ හදන්නේ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ක්‍රමවේදයන් මගින් රටත් ජන ජීවිතත් කඩා වැටී ඇති මොහොතක කොමිස් ගැසීමටයි. ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිටිනවා." යැයිද ඔහු පැවැසීය.
ඡායාරූප - ට්විටර් ඇසුරෙනි




popular news
-
Kumar Tuesday, 16 November 2021 05:33 PM
samadenama balayata enne aliya dennam kotiya dennam kiyala. balayata paminiyata pasu aliyath naaha koityath naha. mepamana kalak siduwela thibenne suddha kirilla witharayi.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

