කුට්ටිආරච්චිගේ ‘වම්බටු’ කථාවට අදත් පාර්ලිමේන්තුව උණුසුම්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (25දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දුන් බවත් පසුගිය පාර්ලිමේන්තුවේදී මීටත් වඩා වචන ඇසුණු අතර ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නොමැති බවත් එහිදී අදහස් පළ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ අතර අදට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටි සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර් පැලද පාර්ලිමේන්තුවට පැමිණෙමින් විරෝධය පළ කළහ.






popular news
- 
                            
Amila Friday, 26 November 2021 03:55 AM
Apita Thiyana prashne Elawaluwaka nama kiwwama ei Genunta apahasayak kiyanne kiyana ekai.
Reply : 0 0
Dayan Friday, 26 November 2021 04:45 AM
It seems that speaker is supporting Tissakuttiarachchi.
Reply : 0 0
Dayan Friday, 26 November 2021 04:45 AM
It seems that speaker is supporting Tissakuttiarachchi.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                