දේශපාලඥයන්ගේ මෙන්ම සියල්ලන්ගේම අවධානය මේ දිනවල යොමුව පවතින්නේ පාර්ලිමේන්තුව දෙසටය. පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවකට වරමක් ලබාදෙන ලෙස ඔවුහු විටින් විට ඉල්ලති. මෙම හඬ දැඩිව නගන්නේ එජාපය විසිනි. මෙවන් මොහොතක පවතින දේශපාලන වතාවරණය සහ ඉදිරිය පිළිබඳව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කොළොන්නාව ආසන සංවිධායක එස්.එම් මරික්කාර් මහතා සමග සංවාදයේ යෙදුනෙමු.
Q එජාපය සමග ජනාධිපතිතුමාගේ හොඳ හිත බිඳිලද තියෙන්නේ?
කිසිසේත්ම හොඳ හිත පලුදුවෙලා නැහැ. අපි පත්කරගත්ත ජනාධිපතිතුමා එක්ක අපි තරහ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක, යහපාලනය තියෙන රටක හැම මතවාදයකටම ඉඩ තියෙනවා. සාකච්ඡා මාර්ගයෙන් මේ හැමදෙයකටම මුහුණ දෙනවා. ඒ නිසා හොඳ හිත බිදෙන්න කිසිම හේතුවක් නැහැ.
Q නමුත් දැන් එතුමා එජාපය අතහැරල වගේ නේද?
එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නිර්පාක්ෂික විදිහට. පසුව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලැබුණා. ජනාධිපතිවරයාට ප්‍රථම මේ රටේ තිබුණ භීෂණකාරී, භයංකාර වතාවරණය හමුවේ ඒකාධිපති පාලනය සමග දූෂණය, වංචාව,නාස්තිය තිබුණ අවස්ථාවේ අපිට ඕන වුණේ යකා එක්ක එකතුවෙලා හරි රාජපක්ෂ රෙජීමය පන්නා දමන්න.ඉතින් අපි ඔවුන්ව එළවා හරියා. අලි බබා පලවා හැරියා.
නමුත් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණේ නැත්නම් හොරු හතළිහ සමග රජ කරන්න පටන් ගන්නවා. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයේ කටයුතු කරද්දි නිර්පාක්ෂික විදිහට කටයුතු කරනවා කියලා.
Q මෙවර ජනාධිපතිවරණයේදී කොළොන්නාවෙන් ලොකු තරගයක් තිබුණා නේද?
ජනාධිපතිවරණය කාලේ කොළොන්නාවේ වෙල්ලමුල්ලිවෛක්කාල් වගේ ලොකු සටහනක් තිබුණා. භීෂණය මැද වෙඩි කෑවේ අපි. මගේ කාර්යාලයට තමයි වෙඩි තිබ්බේ. අපේ මිනිස්සුන්ට තමයි මන්න පාරවල් වැදුණේ. අපි දහඩිය කඳුළු ලේ වගුරෝලා ජයග්‍රහණය කරා එතුමාව ගෙන ආවේ කොළොන්නාව ඉතිහාසයේ වැඩිම වැඩි ඡන්ද ගණනකින්.
Q නමුත් එතුමා කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවට පැමිණි අවස්ථාවේ එතැන ඔබතුමා ඉන්නවා දැක්කෙ නැහැ නේද?
ඒකට නම් මට ආරාධනා කරල තිබුණේ නැහැ තමයි. ඒ වගේ වැඩ ගැන නම් පොඩි දුකකුත් තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා හැටියට එතුමා නිර්පාක්ෂිකව කටයුතු කරයි කියලා.
Q යහපාලනය ඇති කරන්න තමයි ඔබලා ජනාධිපතිවරණයේදී කැප වුණේ. නමුත් දැන් දෙගොල්ලො වෙන වෙනම තම තමන්ගේ වැඩ කරනවා. යහපාලනය අමතක වෙලාද?
අපි දෙගොල්ලො පක්ෂ දෙකක්. මතවාද දෙකක්. මේ හැම මතවාදයකටම පොදු ඉඩකඩක් දීලා අපේ මාවතේ අපි යන්න අවශ්‍යයි. එහෙම නැතුව බැහැනේ. විවාහක ස්වාමි පුරුෂයෙකුයි, බිරිඳයි බැදපු මුල් දවස්වල වගේ නෙවෙයිනේ ඊට පස්සෙ. තමන්ටම කියලා අනන්‍යතාවක් තියෙනවනේ.
ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අනන්‍යතාවක් තියෙනවා. අපිටත් අනන්‍යතාවක් තියෙනවා. අපි අපේ අනන්‍යතාව ඔස්සේ යනවා. එයලා එයලගේ අනන්‍යතාව ඔස්සේ යනවා. එහෙම නැතිව අපිට අපේ අනන්‍යතාව නැති කරගන්න බැහැ. එහෙම අයට ගමනක් නැහැ.
Q නමුත් අනන්‍යතාව රැකගන්නට යද්දි හැමෝටම ජනතාව අමතක වෙලා නේද?
නැහැ. මේ ආණ්ඩුවට ජනතාව අමතක වෙලා නැහැ. ආණ්ඩුවක් හැටියට මෑත කාලේ පත්වුණු ගමන් විශාල සහන ජනතාවට ලබාදුන්නේ. ඒ ලබාදුන්නු සහන ජනතාව විඳිනවා. ඒ නිසා අපිට ජනතාව අමතක වෙලා නැහැ. ලොකු සහන මල්ලක් අපි දීලා තියෙනවා. ඒනිසා තමයි වරමක් නැති ආණ්ඩුව විසුරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් ඇති කර ගන්න කියලා අපි ඉල්ලුවේ. මොකද අලි බබා පැරැද්දුවට අලි බබා පැරැද්දූ හොරු හතළිහ මේ පාර්ලිමේන්තුවේ විකෘතිභාවය එක්ක අද හොල්මන් කරනවා. මේ රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදීමයි දැන් ජනතාව කළයුත්තේ.
අලුත් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් ඉන්නම අවශ්‍යයි. ඒ වගේම අපි හදන ආණ්ඩුව තුළ මිනිස්සුන්ට හොඳ රැකියා,රටට හොඳ ආයෝජන ගේන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
අපේ කාන්තාවන්ට මැදපෙරදිග යනවා වගේ රැකියා නොවෙයි හොඳ විදේශ රැකියා හොයල දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. රටේ ප්රමුඛ අවශ්‍යතාව වන ආර්ථිකය ගොඩගන්න අපි සූදානම්.
Q කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන නේද?
ඒක මම දන්නෙ නැහැ. ඒක දාපු කෙනා මොන අර්ථයෙන්ද දැම්මේ කියලා මම දන්නෙ නැහැ. ඒවා රජයේ මුදල් වලින් දාල තියෙනවානම් වැරදියි කියන ඒක තමයි මගේ පුද්ගලික අදහස.
Q නමුත් ආණ්ඩුවේ පාර්ශ්ව අතර ගැටුම්ථ වාද විවාද හටගෙන තිබෙනවා අපිට පෙනෙනවා. මෙයින් වාසි වෙන්නේ මහින්ද පාර්ශ්වයට නේද?
පිස්සුද? ශ්රීලංනිපය ඇතුළේ තියෙන කචල් වලින් වාසි වෙන්නේ එජාපයටනේ. අපේ පක්ෂයේ කචල් අපේ කට්ටියට නොයෙක් වරදාන, වරප්‍රසාද දීලා අරගෙන, විකෘති බහුතරයකින් ආණ්ඩු කරලා අපේ පක්ෂෙ විනාශ කළාට දිථිඨධම්ම කර්මය ඵලදීලා තියෙනවා.
සාමාන්‍ය දැනුම තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඊළඟ මැතිවරණය අපි දිනනවා කියලා. ශ්‍රීලංනිප වෙන්වෙලා ඉල්ලුවත් දිනනවා. එකතු වෙලා ඉල්ලුවත් දිනනවා. එකතු වුණොත් චෝදනා ලබපු අය මෛත්‍රී මහත්තයාගේ වේදිකාවට නැග්ගම අපිට නිකම්ම ඡන්දෙ ලැබෙනවා.
අනිත් එක මේ රටේ හංසයට කතිරෙ ගහපු කෙනෙක් මොන හිතකින්ද බුලත්කොළයට හරි අතට හරි ඡන්දයක් දෙන්නේ. එක්කෝ අලියට ඡන්දෙ දෙයි. නැත්නම් ගෙදර ඉන්නවා.
Q නමුත් මහින්ද පාර්ශ්වයත් ජනමතයක් සකසා ගන්න උත්සාහ කරනවා නේද?
විධායක ජනාධිපති ධුරයත්, සමස්ත ආණ්ඩු බලයත් පළාත් සභා සියල්ලේ බලයත්, ප්‍රා‘දේශීය සභා සියල්ලේ බලයත් තියාගෙන රාජ්‍ය මුදල් අවභාවිත කරලා, ජනතාවට අල්ලස් දීලා, භීෂණය වපුරවලා, මුළු ශ්‍රීලංනිප යාන්ත්‍රණයම එකතුවෙලා කරපු ඡන්දෙනුත් මහින්ද මහත්තයා පැරදුණානම් මේ මොන කතාවක්ද මේක.
හැබැයි එක දෙයක් වෙනවා තමා. අර බස්වලින් සෙනඟ අදින පුරුද්ද ආයේ පටන් අරගෙන තියෙනවා. මාතරටත්, කුරුණෑගලටත්,රත්නපුරයටත් එන්නේ එකම සෙනඟ. දැන් ජනතාව අහනවා මේ බස් දාන්නෙ ඒ කාලේ ගහපු සල්ලිවලින්ද කියලා.
Q මහ මැතිවරණයට ඔබත් තරග කරනවාද?
අනිවාර්යෙන්ම මහමැතිවරණය එක්සත් ජාතික පක්ෂයෙන් කොළොන්නාවේ සංවිධායකවරයා හැටියට මම තරග කරනවා.
Q කොළොන්නාවේ විරුද්ධ පක්ෂයේ කටයුතු කරන හිරිණිකා, සෝලංගආරච්චි යන අය ඔබට තරගයක් නේද?
අයියෝ නැහැ. කිසිම තරගයක් නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී කොළොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ.
ඊළඟ මැතිවරණයේදී ඔබට ප්‍රතිඵල තේරෙයි. මට කොළොන්නාවේ දේශපාලන චරිතවල සහයෝගය නැහැ. නමුත් සමහර අත්දැකීම් නොමැති පරාජිත දේශපාලඥයෝ ඉන්නවා. මට කුඩුකාරයන්ගෙන් සල්ලි ගත්තා කියල කියන්න බැහැ. මට මිනී මරලා කියලා ලේබල් ගහන්න බැහැ. සමහර පරාජිත දේශපාලඥයන්ට මහින්ද මහත්තයාගේ ක්‍රමය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.
Q කොළඹ දිස්ත්‍රික්කය තුළ සිංහල බෞද්ධ ඡන්ද ඇතුළු සමස්ත ඡන්ද ඔබට ලබාගන්න පුළුවන් වෙයිද?
බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව තමයි මට ඡන්දෙ දෙන්නේ. මම අනුගමනය කරන්නේ දිවංගත බාකිර් මාකර් මැතිතුමාලගේ ක්‍රමය. පසුගිය පළාත් සභා ඡන්දෙදිත් මට වැඩිපුරම ඡන්දෙ දුන්නේ සිංහල බෞද්ධ ජනතාව.
මම මාධ්‍ය‘යේ ඉද්දි මොනවද කළේ, කොහොමද කළේ කියන දේත්, මගේ නිර්මාණශීලීභාවයත් ජනතාව දන්නවා.
ලංකාවේ එළිවෙනකම් රේඩියෝවල පිරිත් ගෙන ඒම නිර්මාණය කළේ මම. පෝය දවසට ආදර ගීත විකාශය නැවැත්වීමට මූලික උනේ මම. විහාරස්ථාන 88ක් ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළට මූලික වුණේ මම.
බෞද්ධ දර්ශනය විද්‍යාත්මකව තරුණ පරම්පරාවට ගෙන යාමේ වැඩපිළිවෙළ පටන් ගත්තේ මම. ඒ නිසාම හදවතින් පමණක් නොවෙයි මුළු ඇගෙන්ම ශ්‍රී ලාංකේයයි.
Q එක්සත් ජාතික පක්ෂය විදිහට ජනතාවට මොකද කියන්න තියෙන්නේ?
මේ රටට හරි සංවර්ධනයක් කළා නම්, මේ රටට නිදහස් අධ්‍යාපනය ගෙනාවානම්, නිදහස් සෞඛ්‍ය සේවය ව්‍යාප්ත කළා නම්, ආයෝජන කලාප හදලා රැකියා අවස්ථා උදා කළා නම් එක්සත් ජාතික පක්ෂය ඒවා කළේ. ඒ වගේම වර්තමාන පරම්පරාවේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් පක්ෂයක් තියෙනවානම් ඒත් එජාපයයි.