Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ දිනවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම ක්ෂේත්රයේ බොහෝ කණ්ඩායම් විරෝධතාවන් ඇතුළු විවිධ මත ප්‍රකාශ කරමින් සිටියි. බාහිර උපාධි කප්පාදුව, සයිටම් ගැටලුව, පංති වර්ජන ආදිය පිළිබඳ කතාබහ වන මේ මොහොතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.
Q රජය බාහිර උපාධි කප්පාදුවක් සිදුකරනවාද?
රජය කිසිවිටක බාහිර උපාධි කප්පාදු කිරීමක් කරල නැහැ. අපි කරන්නේ රටට අවශ්‍ය උපාධිධාරීන් බිහිකරගන්න වැඩපිළිවෙළක් සකස් කිරීමයි. කලා උපාධිධාරීන් රටට අවශ්‍යයි. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කලා උපාධිධාරීන් දැන් ඉන්නවා.
රටට අවශ්‍ය උපාධිධාරීන් බිහිකර ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ. කිසිම අවස්ථාවක අපි උපාධි කප්පාදුවක් සිදුකර නැහැ.
ඒ වගේම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ පමණක් බාහිර උපාධිය සඳහා 95,000ක් ලියාපදිංචි වී තිබෙනවා. එහෙම ලියාපදිංචි උනත් මේ හැමෝම විභාගයට මුහුණදෙන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට කල්දදා ඉන්නවා. මේක විශ්වවිද්‍යාලයට ලොකු බරක් වෙලා තියෙන්නේ.
අපි කියන්නේ රටට උපාධිධාරීන් අවශ්‍යයයි. කලා උපාධිධාරීනුත් අවශ්‍යයයි. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න නිසා අපි එය විධිමත් කරන්න හදන්නේ.
ඒ වගේම අපි කිසිකෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැතිකරන්නේ නැහැ. හැමෝටම අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාවක් අපි ලබාදෙනවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ.
එක්සත් ජාතික පක්ෂය තමයි නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දුන්නේ. දරුවන්ට ඉගෙන ගන්න පාසල් පොළපොත් ලබාදුන්නෙත්, නිලඇඳුම් ලබාදුන්නෙත් අපි. නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා.
ලෝකයට ගැළපෙන විදිහට රටට අවශ්‍ය උපාධිධාරීන් බිහිකර ගැනීම තමයි අපේ අරමුණ වී තිබෙන්නේ. අපි දරුවන්ට කියන්නේ රටට අවශ්‍ය පාඨමාලා තෝරාගන්න කියලයි.
Q නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමේ අරමුණින් රජය මෙලෙස බාහිර උපාධි කප්පාදු කිරීම් කරන බවට චෝදනා එල්ල වෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම අරමුණ කරගෙන බාහිර උපාධි කප්පාදු කරනවා කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.
බාහිර උපාධි වැඩසටහන් විශ්වවිද්‍යාල වලට දරාගන්න බැරි මට්ටමට පත්වෙලා. මේ නිසා නවීන තාලයට ඔබින පාඨමාලා තෝරා ගැනීමට සිසුන් යොමු විය යුතුයි.
උදාහරණයක් ලෙස තාක්ෂණික පාඨමාලාවලට යොමු වීම ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ. ලංකාවේ ඇතැම් කර්මාන්තශාලාවල සේවයට විදෙස් රටවලින් සේවකයෝ ගෙන එන්න සිදුවෙලා තිබෙනවා. මොකද ලංකාවේ තාක්ෂණික විෂය දන්න ප්‍රමාණය බොහොම අඩුයි. රටක් දියුණු කරන්න නම්, රට තුළ ආර්ථිකය නඟාසිටුවන්න නම් ඊට ඔබින අධ්‍යාපනයක් ලබාගත් පුද්ගලයන් සිටීම වැදගත්. තාක්ෂණික දැනුම තිබෙන පිරිසේ හිඟයක් මේ වන විට ඇතිවී තිබෙනවා.
Q කලා විෂයන්ට අදාළව බාහිර උපාධි පාඨමාලා මෙන්ම තාක්ෂණික විෂයන්ට අදාළ පාඨමාලා වැඩියෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවාද?
අපිට එහෙම ඉල්ලීමක් ලැබුණොත් එය අනිවාර්යෙන්ම කරනවා. මොකද අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ තාක්ෂණික දැනුමින් පිරිපුන් පරපුරක්.
Q බාහිර උපාධි මගින් ලැබෙන අරමුදල් විශ්වවිද්‍යාල නඩත්තුවට යොදවනවා නේද?
එය කිසිම පදනමක් නැති කතාවක්. මේ බාහිර උපාධි කරගෙන යන්නේ ටියුෂන් ගුරුවරු. බාහිර උපාධි ප්රශ්නය ගැන කතා කරන්න කිහිපදෙනෙක් මාව මුණගැහෙන්න පැමිණියා. ඒ ආපු පිරිසෙන් එක් අයෙකු ඇරෙන්නට අනික් සියලුදෙනා බාහිර උපාධි ටියුෂන් පවත්වන අය. අපි හිතුවෙ ළමයි ඒවි කියලා. පංති පවත්වාගෙන යාමට අවශ්‍ය පුද්ගලයෝ පිරිසක් තමයි එදා ආවේ.
Q බාහිර උපාධි ක්ෂේත්රයේ ගැටලුවක් තිබෙන බව පැහැදිලියි. මෙය විසඳන්නට කටයුතු කරන්නේ නැද්ද?
මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා කළා. මේ වනවිට අපි තීරණයක් අරගෙන තිබෙනවා බාහිර උපාධි වැඩසටහන් විවෘත විශ්වවිද්‍යාලයට යොමු කරන්න. රට පුරා තිබෙන විවෘත විශ්වවිද්‍යාල සියල්ල තුළින් හැකිතරම් බාහිර උපාධි ලබාදීමට යොමුකරන්නට සාකච්ඡා කරගෙන යනවා. එහෙම කියලා විශ්වවිද්‍යාලවල බාහිර උපාධි වැඩසටහන් නවත්වන්නේ නැහැ.
Q රජයේ විශ්වවිද්‍යාල උසස් මට්ටමට ගෙන ඒමට සැලසුමක් තිබෙනවාද?
නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමක් ලෙස විශ්වවිද්‍යාලවලට අවශ්‍ය අලුත් පාඨමාලා හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භ කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා.
රුවන්පුර වෛද්‍ය විද්‍යාලය ලබන අවුරුද්දේ අන්තිම කරනවා.
ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මට කිව්වා ඔවුන්ගේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදෙන්න කියලා. මේ නිසා අපි නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්නේ නැහැ.
Q නමුත් ඇතැම් වෛද්‍ය පීඨ පවා අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙන්නේ?
ඕනෑම දෙයක් ආරම්භ කිරීමයි පළමුව කළ යුත්තේ. ඊට පස්සෙ තමයි ඒක වසරින් වසර දියුණු වෙන්නේ. ඕනෑම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන පළමු වසරේ සියලු පහසුකම් නැහැ. ඒක තේරුම් ගත යුතුයි. නමුත් අපි මේවා පටන්ගන්න අවශ්‍යයයි.
අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක් ලංකාව අත්හැරලා යනවා. රජරට විශ්විද්‍යාලයේ කථිකාචාර්යවරු 58ක පමණ අඩුවක් තිබෙනවා.
මේ පුරප්පාඩු සම්පූර්ණ කරන්නට දේශකයන් හොයගන්න අපි පත්තරේ දැන්වීම් කිහිපයක් දැම්මා. නමුත් දේශකයන් හොයාගන්න අමාරුයි. නිදහස් අධ්‍යාපනය ලබන පුද්ගලයන්ගේ 50%කට වඩා රට අත්හැරලා යනවා.
විදෙස් රටවල වැටුප් ඉතා ඉහළයි. නමුත් අපිට ඒ දීමනා ගෙවන්න බැහැ. ඉදිරි කාලයේදී රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා ඒ අයට වැඩි දීමනා ලබාදෙන්නට පටන්ගත්තොත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් තරගයක් ඇතිවේවි. ඕනෑම දෙයක් දියුණු වෙන්න තරගයක් තිබෙන්නට අවශ්‍යයයි.
Q සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නැතිද?
රටේ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් 400ක හිඟයක් තිබෙනවා. මේවට අපි විසඳුම් සෙවිය යුතුයි. සයිටම් එක අපි පටන්ගත්තේ නැහැ. මේවා ආරම්භ කරපු කාලේ විරුද්ධ නොවුණේ ඇයි?
පටන් අරගෙන අවුරුදු පහකට පස්සෙ පළමු කණ්ඩායම පිටවෙද්දිද විරුද්ධ වෙන්නේ. පටන් ගත්තු කාලේ විරුද්ධ නොවුණේ ඇයි?
මෙතන තියෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ගැන ගැටලුවක් නොවේ. දේශපාලනික ප්‍රශ්නයක්. සයිටම් එකට මූලික විසඳුම් ලබාදිය යුත්තේ වෛද්‍ය සභාව. උසාවියෙන් වෛද්‍ය සභාවට ප්‍රකාශ කර තිබෙනවා මෙම සිසුන් ලියාපදිංචි කරගන්න කියලා. වෛද්‍ය සභාව ඒක නොකර වෙනත් දේවල් කරනවා නම් ඒක උසාවි නියෝගය කඩ කිරීමක්.
මම මේ ගැන සයිටම් සිසුන් සමග මම සාකච්ඡා කළා. ඔවුන් අඩියක් පස්සට අරගෙන තිබෙන්නේ. නඩු තීන්දුව අනුව ඔවුන් නැවත විභාගයට පෙනී සිටින්නට අවශ්‍යතාවක් නැහැ. නමුත් වෛද්‍ය සභාව නියම කරන විභාගයකට මුහුණ දෙන්න ඔවුන් සූදානම් කියලා මට පැවසුවා. ඒ සිසුන් අඩියක් පස්සට අරගෙන තිබෙනවා. ඒ සඳහා වෛද්‍ය සභාව ප්‍රතිචාර දැක්විය යුතුයි.
ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා කියනවා එම රෝහල රජයට පවරන්න ඔවුන් සූදානම් බව. මේ නිසා මේ සියල්ලටම වෛද්‍ය සභාව විසඳුමක් ලබාදිය යුතුයි. මේ ප්‍රශ්න විසඳන්න දඩබ්බර වෙලා බැහැ.
Q එහෙම නම් දැනට පංති වර්ජනය කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට කුමක්ද කියන්නේ?
පංති වර්ජනය කරන ළමයින්ට මට කියන්න තියෙන්නේ බොරුවට රැවටෙන්න එපා කියලා. පංති වර්ජනය කියන්නේ තමන්ගේ වටිනා ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරක්. ඒ වගේම මේ පංති වර්ජනය කරන ළමයි දැනගත යුතුයි මේ පංති වර්ජනය පටන් ගත්තු කාලයේ වෛද්‍ය සංගමයත්, වෛද්‍ය සභාවත්, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුත්, කවුරුවත් මේකට විරුද්ධ වුණේ නැහැ. ළමයි මේ ගැන සිතා බැලිය යුතුයි. ඔවුන් එදා නිහඬව සිටියා. ඒ වගේම සිසුන් පංතිවලට ආවෙ නැතිනම් ඔවුන්ට පැමිණීමේ 80% අහිමි වෙනවා. මේ නිසා අතරමං වෙන්න එපා කියලා මම සිසුන්ට කිව්වා.
ඒ වගේම වධකාගාර පවත්වාගෙන යන අය තමයි ළමයින්ව මෙහෙයවන්නේ. අපේ විශ්වවිද්‍යාල සිසුන් වධකාගාර පවත්වාගෙන යන අයගේ අණටද කීකරු වෙන්නේ එහෙම නැතිනම් යුක්තියටද සාධාරණත්වයටද?
වධකාගාර පවත්වාගෙන යන අයට අවුරුදු 30ට වැඩියි. ඔවුන් විශ්වවිද්‍යාල ජීවිතය කඩාකප්පල් කරගෙන තියෙන අය. මුළු විශ්වවිද්‍යාල ජීවිතයම කඩා කප්පල් කරගත්තු අයගේ අණට යටතේ වෙනවාද කියලා සිසුන් දෙපාරක් හිතන්න අවශ්‍යයයි.
මමත් පියෙක් හැටියට මේ දරුවන්ට කියන්නේ තමන්ගේ ජිවිතයේ වටිනාම කාලය විශ්වවිද්‍යාල ජීවිතයයි. ඒ කාලය පෙළපාළි යන්න නෙවෙයි, අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලබාගන්න වැය කරන්න කියලා.
ක්‍රීඩාව, සංගීතය, අධ්‍යාපනය මේ හැමදේම විශ්වවිද්‍යාලය තුළ විඳින්න කියලා තමයි මම ඔවුන්ට කියන්නේ.
Q විශ්වවිද්‍යාල ක්ෂේත්රයට වැඩි වැඩියෙන් පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය කාරණයක්. ඒ සඳහා මඟපෙන්වීමක් නැතිද?
පර්යේෂණ තුළින් රටේ ආර්ථිකය දියුණු වෙනවා. විදෙස් රටවල විශ්වවිද්‍යාල ඒ රටවල සමාගම් සමග සම්බන්ධයි. ඒ සමාගම් විශ්වවිද්‍යාලවලට කියනවා විවිධ පර්යේෂණ කරලා ඔවුන්ට තොරතුරු ලබාදෙන්න කියලා. එතකොට සමාගම් ඒ පර්යේෂණ පාවිච්චි කරලා විවිධ දේවල් නිර්මාණය කරලා ජනතාවට ලබාදෙනවා.
ලංකාවෙත් පර්යේෂණ දියුණු වෙන්න නම් රටේ ආර්ථිකයයි කර්මාන්තයි දියුණු විය යුතුයි. කර්මාන්ත නැතුව පර්යේෂණ කරන්න බැහැ. විශ්වවිද්‍යාල දියුණු වෙන්නේ ආර්ථිකයේ දියුණුව සමග. දැන් අපි කරන්න හදන්නේ ඒ කටයුත්ත. හම්බන්තොට කර්මාන්තපුරය අපි යොදාගත්තේ ඒ සඳහා.
Q කැලණිය විශ්විවද්‍යාලයේ උපකුලපති පත්කරන විට සිදුවූ අර්බුදය කුමක්ද?
උපකුලපති පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිතුමාට. උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මට තිබෙන්නේ සුදුසුකම් තිබෙන, ලකුණු වැඩිම තිදෙනාගේ නම් තුන යවන්නයි. ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව තෝරාගැනීම කරන්නේ ජනාධිපතිතුමා. මෙතන කිසිම අක්‍රමිකතාවයක් සිදුවෙලා නැහැ. අපි නම් තුන යැව්වා.
Q නව ව්‍යවස්ථාව සැකසීම අතරමඟ නැවතිලාද තිබෙන්නේ?
කිසිම විදිහකට නැවතීමක් වෙලා නැහැ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදලා ජනමත විචාරයකට යනවා. අපිට ලැබුණ ජනමතය එකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනවරමක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාදයි.
ව්‍යවස්ථාවට කකුලෙන් අදින පිරිස් ඉන්නවා. නමුත් ඒ කකුලෙන් අදින පිරිසත් දැනගන්න අවශ්‍යයි ජනවරම ලැබුණේ කාටද කියලා. ඒ අනුව ජනවරමට ගරුකරන්න අවශ්‍යයයි.
කොහොමත් ව්‍යවස්ථාව හොරෙන් හදන එකක් නෙවෙයි. අපි තේරුම්ගත යුතු දේ තමයි ව්‍යවස්ථාව හදනවා නම් ජනමත විචාරයකට යා යුතුයි කියා කියන කාරණය.
ඇයි ජනතාව ඉදිරියට යන්න බය? අපි කරන දේ අවංක නම් ඇයි ජනතාව ඉදිරියට යන්න බය වෙන්නේ. අනිත් දේ තමයි පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එකතුවෙලා ව්‍යවස්ථාව හදන පළමු අවස්ථාව මේක. අපි එයින් උපරිම ප්‍ර‘යෝජන ගන්න අවශ්‍යයි. ඒ වගේම ජනමත විචාරණයක් නැතිව ගෙනාපු පළාත් සභාවලට මොකද උනේ. පළාත් සභා ගෙනාවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා. නමුත් මුළු රටම ගිනිගත්තා. ඒක තුනෙන් දෙකක බලයෙන් කළේ. ජනමත විචාරණයෙන් නෙවෙයි.
Q අධිවේගී මාර්ග වලට යට වන ඉඩම් සඳහා වන්දි ගෙවීමේ ගැටලුවක් තිබෙනවා නේද?
ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කරයක අද වටිනාකම රුපියල් ලක්ෂ 05ක්. නමුත් අපි ගෙවන වන්දි ක්‍රමය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කරයක් සඳහා ලක්ෂ 10-15 අතර ගණනක් ලැබෙනවා. හොඳ වන්දියක් දෙනවා. මේ විරෝධය දේශපාලන අරමුණින් කරන දේවල්. නමුත් අපි මේ ප්‍රශ්න දැන් විසඳලා තිබෙන්නේ.
Q නව අධිවේගී මාර්ගවල ඉදිකිරීම් අත්හිටුවීමට රජය තීරණය කළේ ඇයි?
ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ණය බර අධික වීම නිසා රුවන්පුර සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. රටේ ණය ඉහළ මට්ටමක තිබෙන්නේ. මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත (BOT ක්‍රමය) අධිවේගී මාර්ග ඉදිකරන්න අපි එකඟයි.
රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය. රටේ ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවීමට තිබෙනවා.
එහෙම උනත් වැඩ ආරම්භකර තිබෙන අධිවේගී මාර්ගවල කටයුතු කිසිලෙසක නවත්වන්නේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු දැන් ආරම්භකර තිබෙනවා. කොටස් තුනකින් එහි කටයුතු සිදුකරන්නේ. පළමුවැනි අදියර කඩවත සිට මීරිගම දක්වා චීන සමාගමක්, දෙවැනි අදියර මීරිගම සිට පොතුහැර දක්වා දේශීය සමාගමක් සහ තුන්වැනි අදියර පොතුහැර සිට නුවර දක්වා ජපන් සමාගමක් ඉදිකිරීම් කරනවා. වසර තුනක් ඇතුළත මාර්ගය ඉදිකර අවසන් කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd