මෙරට ක්‍රියාත්මක වන බස් රථ සේවාවේ ගුණාත්මකභාවයක් නොමැතිවීම නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණදෙන බව බස් හිමියන්, සේවකයන් සහ නියාමන ආයතන හොඳාකාරවම දන්නා කරැණකි. එහෙත් බස් හිමියන් සහ බස්රථ සේවකයන්ගෙන් බහුතරයක් තමන් අතින් සිදුවන වැරදි සකසාගෙන ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට මෑතකාලීනව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේද නැත. නියාමන ආයතන සඳහා වැඩපිළිවෙළක් සකස් කළත්, බස් හිමියන්, බස් රථ සේවකයන් බහුතරයක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේද නැත.
මෙවැනි තත්ත්වයක් කර්මාන්තය තුළ ඇති වී තිබෙන්නේ පුහුණුවලත් බස් රථ සේවකයන් සේවයේ යෙදවීමට සහ බස් හිමියන් විසින් බස් රථ සේවය පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම නිසා බව සේවක සංගම් නගන චෝදනාවකි.
අපි මේ පිළිබඳව ලංකා මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්ත කුමාරදාස කුලියාපිටිය මහතා සමග කතාබහක නිරතවීමු.
බස් රථ සේවකයෙක් වෙන්න විශේෂ පුහුණුවක් ලබන්න ඕනද?
ඔව්. රියදුරෙකු ලෙස රිය පුහුණුවට අමතරව, මගී ප්‍රවාහන සේවාවක රියදුරෙකු ලෙස සේවයට එක්වෙනවා නම්, අනිවාර්යයෙන්ම මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම යටතේ රියදුරැ යම් පුහුණුවක් ලබන්න ඕන. ඒ වගේම කොන්දොස්තරවරයෙකුත් එම පුහුණුව ලබන්න ඕන. එහෙම පුහුණුවක් ලබාදෙන්න ඕන කියන නියමයක් ඇතිවෙලා තියෙන්නෙ සේවකයන් වැඩ කටයුතු කරන්නෙ මහජනතාව එක්ක නිසා.
වර්තමානය වනවිට රට තුළ කොතරම් සේවක පිරිසක් ඉන්නවාද?
ආසන්න වශයෙන් සේවකයන් 55,000කට අධික පිරිසක් සේවයේ නිරත වෙලා ඉන්නවා. මේ අය පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ සහ ජාතික ගමනාගමන කොමිසම යටතේ ධාවනය වන බස් රථවල සේවය කරනවා.
මේ සියලු පිරිස් ගුණාත්මක සේවාවක් පිළිබඳව පුහුණුව ලබා තිබෙනවාද?
නැහැ. ආසන්න වශයෙන් පුහුණුව ලබපු අය සේවයේ යෙදිලා ඉන්නෙ සමස්ත පිරිසෙන් 5෴ - 10෴ අතර ප්‍රමාණයක්. හැබැයි පුහුණුව ලබපු මීට වඩා විශාල පිරිසක් අද කුලී කම්කරැ රුකියාවල නිරත වෙලා ඉන්නවා.
මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ ඇයි?
ප්‍රධානම කාරණය තමයි බස් රථ හිමියන් ස්ථිර සේවකයන් ලෙස රියදුරන්, කොන්දොස්තරවරැන් සේවයට බඳවා නොගැනීම, මොකද අද වනවිට රටේ ප්‍රවාහන සේවයේ යොදවල තියෙන බස් රථ ප්‍රමාණයෙන් 80෴ ක්ම සේවයේ යොදවලා තියෙන්නෙ බදු ලබාදීමේ ක්‍රමවේදය යටතෙයි. ඒ කියන්නෙ දවසකට නියම කරන ගාණකට, එසේත් නොමැතින ම් මාසයකට නියම කරන ගාණකට. මොකද මුදලාලිලාට ඕන සල්ලි විතරයි. හැබැයි මාර්ග බලපත්‍රයක් ලබාදීමේදී තියෙන කොන්දේසිවලට අනුව ප්‍රමුඛස්ථානය දෙන්න ඕන ගුණාත්මක සේවයකට කියල සඳහන් වෙනවා.
එතකොට නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?
බස් බදු ලබාදීමේදී නීතිය විතරක් නොවෙයි, මාර්ග බලපත්‍රයක් ලබාදෙනකොට ලබාදෙන උපදේශය තමයි සේවයේ යොදවන සේවකයන් දෙදෙනාට සේවක අර්ථසාධක අරමුදලේ සහ භාරකාර අරමුදලේ දායකත්වය ලබාදිය යුතුයි කියන නීතිය. ඒ වගේම මාර්ග බලපත්‍රය දීර්ඝ කිරීමේදී වසර ආරම්භයේ වෛද්‍ය සහතික නිකුත් කරන සේවකයන් දෙදෙනාම සේවයේ යෙදවිය යුතුය කියන නීතිය. අද වනවිට මේ නීති සියල්ලම උල්ලංඝනය වෙනවා. හැබැයි නියාමන ආයතන ඒ පිළිබඳව අවධානයක් යොමුකරන්නෙ නැහැ. යම් තරමකට හරි මෙවැනි වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන්නෙ ජාතික ගමනාගමන කොමිසම විතරයි.
එතකොට බස් හිමියන් සේවකයන්ට සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ දායකත්වය ලබාදෙන්නෙ නැහැ කියලද ඔබ චෝදනා කරන්නෙ?
ඔව්. මොකද සමස්ත බස්රථ සේවකයන්ගෙන් එම වරප්‍රසාදය හිමිවෙලා තියෙන්නෙ 03෴කටත් අඩු ප්‍රමාණයකට. හැබැයි රටේ නීතියක් තියෙනවා මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේදී අර්ථසාධක, සේවක භාරකාර අරමුදලේ දායකත්වය සේවකයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට ලිඛිත තොරතුරැ ලබාදෙන්න ඕන කියල.
කොන්දොස්තරවරැන්ගෙන් බහුතරයක් මගී ජනතාවට ලැබිය යුතු ඉතිරි මුදල් ලබා නොදෙනවා වගේම, පරැෂ වචනයෙන් බැනවදින බවටත් චෝදනා නැගෙනවා නේද?
මම ඒක පිළිගන්නවා. හැබැයි ඒ තත්ත්වය ඇතිකරලා තියෙන්නෙ බස්රථ හිමිකරැවන්, පාලකයන් සහ වගකිවයුතු නියාමන ආයතන විසින්. මම ඒකට උදාහරණයක් දෙන්නම්. මම මුලින්ම කිව්වනෙ බස් රථ බහුතර ප්‍රමාණයක් බස් හිමියන් බදු ලබාදීලා තියෙනවා කියල. ඒ යටතේ බොහෝ විට බස්රථය බදු ලබාගන්නෙ මුදල් හම්බු කරනවා කියන චේතනාවේම ඉන්න කෙනෙක්. ඒ නිසා ඔහු මම මුලින් කිව්ව ආකාරයේ විශේෂ පුහුණුව ලබපු කෙනෙක් නොවෙන්න පුළුවන්. සමහර විට පුහුණුව ලබපු කෙනෙක් වුවත් බස් රථය, බදු මුදල් සහ තම තමන්ගේ ගාණ සොයාගන්න මෙවැනි කටයුතු කරනවා. මේ නිසා සමස්ත සේවාවම අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා.
බස්රථ කොන්දොස්තරවරැන්ට මෙවැනි චෝදනාවක් නැගෙනවිට රියදුරන්ට නැගෙන චෝදනාව තමයි බස්රථ කොට කොටා යාම. එහෙම වෙන්නෙ ඇයි?
එතන තියෙන්නෙත් රියදුරාගේ වැරද්දක්ම නොවෙයි. මොකද මේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නෙ කිසිදු සැලසුමකට නොවෙයි. සේවය සැලසුමකට ක්‍රියාත්මක වෙනවා නම් ඒකාබද්ධ කාලසටහනක් තියෙන්න ඕන. ඒ අනුව බස්රථය ගමන් ආරම්භ කරන වේලාව වගේම අවසන් කළ යුතු වේලාව සහ නැවත ගමන් ආරම්භ කරන වෙලාවකුත් නියම වෙනවා. ඉතින් මම මුලින් කිව්ව වගේම නියාමන ආයතන, ආණ්ඩුව පොලීසිය මේ සඳහා මැදිහත් වෙන්න ඕන.
කර්මාන්තය තුළින් මගී ජනතාවට යහපත් සේවාවක් හිමි නොවනවා සේම සේවකයන්ටත්, හාම්පුතුන්ගෙන් සහ නියාමන ආයතනවලින් සේවයක් නොවන බවටත් චෝදනා එල්ලවෙමින් තිබෙනවා?
ඒකට කරැණු ගණනාවක් බලපාල තියෙනවා. ප්‍රධාන දේ දෛනික හෝ මාසික වැටුප. ඒ ගැන නිශ්චිත නැහැ. එක එක මුදලාලිලා, එක එක ගණන් තමයි ගෙවන්නෙ. හැබැයි බස් බදුගන්න අයට කවුරැවත් පඩි ගෙවන්නෙ නැහැ. අනිත් එක නිශ්චිත වේලාවක් නැහැ. සමහර වෙලාවට දවසට පැය 18 - 20 ක් සේවය කරන අයත් ඉන්නවා. හැබැයි පඩියෙ වෙනසක් නෑ. අතිකාල නෑ, මූලික වැටුප් නෑ. අනිත් එක බස් නැවතුම් පොළවල සේවකයන්ට විවේකීව ඉන්න තැනැක් නෑ, වැසිකිළි නැහැ. සමහර බස් නැවතුම් පොළවල් තුළ වතුර ටිකක්වත් බොන්න තැනක් නෑ. අර්ථසාධක නෑ, භාරකාර අරමුදල් නෑ. නිල ඇඳුමක් ගන්නවා නම් ඒකටත් අතින් වියදම් කරන්න ඕන.
පසුගියදා සිදුවූ ගාස්තු සංශෝධනය අසාධාරණයි කියන්නෙ ඇයි?
ප්‍රධාන කාරණා ගණනාවක් තියෙනවා. ඉන් එකක් තමයි ගාස්තු සංශෝධනය වීමට සාපේක්ෂව කර්මාන්ත හිමියන් විසින් කර්මාන්ත වැඩිදියුණු කරලා තියෙනවද කියන කාරණය. අනිත් එක තමයි බස් රථයේ ආදායමෙන් ඉන්ධන වියදම් අයින් කළාම 80෴ ක්ම තියෙන්නෙ ලාභය. 20෴ ක් අයින් කරල කතා කරන්නෙ බස් රථයට අල්ත්වැඩියා සඳහා යන මුදලත් එක්ක. ආදායමෙන් ලැබෙන 80෴ ලාභවලින් බස් රථ සේවකයන්ට ලබාදෙන සොච්චම් වැටුප අයින් කළාම, බහුතර මුදලක් තියෙන්නෙ ලාභ විදියට.
ඒත් කර්මාන්තකරැවන් සඳහන් කරන්නෙ වාරික ගෙවීමේ පදනමට ගන්න බස් රථවලට වාරික ගෙවාගන්නත් විදහක් නැති බවයි?
ඒක වෙන්නෙ මෙහෙමයි. අපි හිතමු බස් රථයක් රැපියල් ලක්ෂ 100 ක් වටිනවා කියලා. අද තියෙන ලීසිං සමාගම් කාටහරි රැපියල් ලක්ෂයක මූලික තැන්පතුවක් තියන්න පුළුවන් නම්, අර ලක්ෂ 100 බස් රථය අදාළ පුද්ගලයාට දෙනවා. ඉතින් බස් රථය ගන්න පුද්ගලයා මාසිකව විශාල මුදලක් වාරික ලෙස ගෙවන්න ඕන. ඒ වගේම රැපියල් ලක්ෂ 100 පොළියත් ගෙවන්න ඕන. එතකොට ඉතින් වාරික ගෙවාගන්න බැරි වෙන එක ගැන අහන්න දෙයක් නෑ.
බස් ගාස්තු සංශෝධනය අසාධාරණ නම්, ඒ වෙනුවෙන් කළ හැකිවන්නේ කුමක්ද?
අපිට කරන්න පුළුවන් එක දෙයයි. ඒක තමයි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම. මේ අනුව ගුණාත්මක සේවාවක් සපයන්නේ නැතිව බස් ගාස්තු පමණක් ඉහළ දමාගන්න කටයුතු කළ බස් හිමියන්ට පාඩමක් උගන්වන්න අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව මේ මස 17 වැනිදා ගංගොඩවිල උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා, පසුගියදා සිදුකළ 7෴ ගාස්තුව අහෝසි කරන්න කියලා.
ඒ ගාස්තුව ක්‍රියාත්මක කරන්න නම් කළ යුත්තේ කුමක්ද?
අධිකරණයට පොරොන්දුවක් දෙන්න ඕන ජනතාවට ගුණාත්මක සේවාවක් සැලසීම පිළිබඳව සහ සේවක අයිතිවාසිකම් ලබාදෙනවා කියන එක ගැන. එසේ නොමැති නම් අපි බස් ගාස්තු සංශෝධනය නවතා දැමීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.