2025.12.05 වන දින රාත්රී කාලයේ වාරියපොල පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ වැරැල්ල හන්දියේදී අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු, එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. රියදුරු හා කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇත. මියගිය දෙදෙනා හා තුවාල ලැබූ කාන්තාව එකම පවුලේ මව, පියා සහ පුත්රයා වේ.
මරණකරුවන් අවුරුදු 15 හා 61 වයස්වල පසු වූ පොල්වත්ත, දැරණියගල ප්රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීරය වාරියපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.