Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා
2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා
ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකවරයා සහ ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර තුන්කොන් සටනක් බවට මේ වනවිට ජනපති සටන පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.
වෙන කවරදාකටවත් නැති ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලා ජනාධිපතිවරණයට අවතීර්ණ වී ඇති අතර, ඇතැම් සමාජ මාධ්‍ය ජාලා විවිධ සමීක්ෂණ සිදුකළ බව ප්‍රකාශ කරමින් ඡන්ද ප්‍රතිඵල ආසන මට්ටමින් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. එම සමීක්ෂණ සිදුකළ ආකාරය ගැන නිවැරදිව සඳහන් නොකිරීම හේතුවෙන් මෙම සමීක්ෂණ ප්‍රතිඵල ඒ ඒ දේශපාලන පක්ෂවලට පක්ෂග්රාහී වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ නමුත් රනිල්, සජිත්, අනුර රට පුරා දේශපාලන රැස්වීම් පවත්වමින් ජනාධිපතිවරණ සටනේ නිරත වී සිටින අතර, ඔවුන්ගේ පාක්ෂිකයිනුත්, ආධාරකරුවනුත් මහත් උද්යෝගයෙන් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වෙන ආකාරයක් දක්නට ලැබේ.
රැස්වීම්වලට යන අතරතුර ජනාධිපති අපේක්ෂකයන්ට යම් යම් විශේෂ, අපූරු අවස්ථාවලටද මුහුණදීමට සිදුවන අවස්ථාද නැතිවා නොවේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රැස්වීම්වලට සහභාගි වන්නේ සුදු කමිසයකින් සැරසීගෙනය. ඊට හේතුව ඔහු ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු නිසා ඔහු කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීමයි.
පසුගිය දවසක මැදවච්චියේ පැවති ඡන්ද රැස්වීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණෙන විට ඔහුගේ හිසේ යම් අමුත්තක් දිස්වූ නිසා බොහෝදෙනෙකු අවධානය යොමු වූයේ ඒ දෙසටය.
වෙනදාට හිස්වැසුමක් පැලඳ නොඑන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදින පැමිණියේ තරමක් අමුතු හිස්වැසුමක් පැලඳගෙන වීම විශේෂයක් විය. මැදවච්චියේ රැස්වීමට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිගැනීමට ගිය එස්.එම් චන්ද්‍රසේන, එස්.එම් රංජිත්, දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, පී. හැරිසන් ඇතුළු පිරිසගේද අවධානය යොමු වූයේ මෙම හිස්වැසුම දෙසටය.
ඔවුන්ගේ පමණක් නොව එම රැස්වීමේ සිටි සියලුම දෙනාගේත්, එම ඡන්ද රැස්වීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සියලුම දෙනාගේත් අවධානය මෙම හිස්වැසුම හෙවත් තොප්පිය දෙසට යොමු විය.
එදින රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවලින් මැදවච්චියේ ඡන්ද රැස්වීම ගැන තොරතුරු වාර්තා වනවිට රටේ බොහෝ දෙනෙකු කතාබහ කළේ ජනාධිපතිතුමා දාගෙන ඉන්න ‘%තොප්පිය’ මොකක්ද කියාය.
බොහෝ දෙනෙකු මේ ගැන අවධානය යොමු කළ නිසා මේ %‘තොප්පි’ කතාව ජනාධිපතිවරයා හිතවත් කිහිප දෙනෙකුටම කියන්නට අමතක නොකළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැදවච්චිය රැස්වීමට පැමිණීමට පෙර ගොස් තිබුණේ කිලිනොච්චියේදී පැවති ඡන්ද රැස්වීමකටය. මෙම ඡන්ද රැස්වීම අවසාන වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම ජීප් රථයට නැගීමට පැමිණෙන විට දෙපස සිටි ජනතාව සමග කතාබස් කිරීමටද අමතක නොකළේය. ඒ සමගම අපූරු තොප්පියක් අතේ තබාගෙන කාන්තාවක්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපිටට පැමිණියාය.
“ජනාධිපතිතුමනි, ඔබතුමා තමයි පසුගිය අවුරුදු දෙක තුළ මේරට බේරාගත්තේ. ඔබතුමා නොවන්නට අද මේ රට අරාජික වෙලා. ඉතාම අමාරු අවස්ථාවේ රට බේරාගත් ඔබතුමාට විතරයි පුළුවන් ඉදිරියටත් රට ගෙන යාමට.
ඔබතුමා රට වෙනුවෙන් කරපු දේට මට මේ වෙලාවේ දෙන්න දෙයක් නෑ. මේ ‘%තොප්පිය’ තමයි දෙන්න තියෙන්නෙ” යනුවෙන් කියමින් එම කාන්තාව තමා අත තිබූ අපූරු තොප්පිය ජනාධිපතිපතිවරයාට පිරිනැමුවාය.
“ ස්තූතියි.” කියමින් එම තොප්පිය අතට ගත් ජනාධිපතිවරයා, “මට තමයි මේ තොප්පිය හොඳටම ගැළපෙන්නේ* කියමින් එම ස්ථානයේදීම තොප්පිය පැලඳ ගත්තේය.
එම ස්ථානයේ සිටි පිරිස ඒ අවස්ථාවේදී ඔල්වරසන් දුන්නේ “ජනාධිපතිතුමාට ජය වේවා! ජනාධිපතිතුමාට ජය වේවා”! කියමිනි.
සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහභාගී වූ රැස්වීම් කිහිපයකදී වයස්ගත කිහිප දෙනෙකුගෙන්ම ලැබුණේ උණුසුම් ප්රතිචාරයකි. කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල පැවැති රැස්වීම් කිහිපයකදීම එම පිරිස් ප්‍රකාශ කළේ, තමන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට බෙහෙවින් ආදරය කළ බවයි. ඒ වාගේම සජිත් ප්‍රේමදාස මහතාටත් ඔවුන් ආදරය කරන බව ප්‍රකාශ කළේ බොහොම හැඟීම්බරවය.
තම පියා මෙන් තමාද කැප වී සිටින්නේ පොදුජන සේවය උදෙසා බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එම පිරිස්වලට ප්‍රකාශ කිරීමට අමතක නොකළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂට ලැබුණේද සජිත් ප්‍රේමදාසට සමාන වූ ප්රතිචාරයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති රැස්වීම් කිහිපයකදීම නාමල් රාජපක්ෂ අසලට පැමිණි තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටි පිරිස්ද ප්‍රකාශ කළේ, මේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඔවුන් තවමත් ගෞරව කරන බවයි.
තමා බලයට පැමිණි පසුව 2015 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවැත්වූ තැන සිට රට සංවර්ධනය කිරීමේ වැඩසටහන තමා ආරම්භ කරන බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් හඬ මධ්‍යයේය.
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද රැස්වීම් කිහිපයකදීම සංවේදී වූ අවස්ථා දක්නට ලැබිණ. විශේෂයෙන්ම කුරුණෑගල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයදීම පැවති ජනහමුවලදී අනුර කුමාර දිසානායක සංවේදී වනු දක්නට ලැබිණ.
එක් අවස්ථාවකදී සංගීතඥ සංගීත් විජේසූරිය කළ කතාවකට අනුර කුමාර කෙතරම් සංවේදී වූවාද කියනවා නම් අනුරගේ දෑස් අගට කඳුළුද පැමිණ තිබිණ.
සංගීත් විජේසූරිය ප්‍රකාශ කළේ, තමා කලාකරුවෙකු වශයෙන් වසර ගණනාවක් තිස්සේ දැකපු හීනයක් මේ මස 21වැනිදා සැබෑ වනු ඇති බවයි. සංගීත් අනුර වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සුබ පැතීමට අමතක නොකළේය. මේ අතර ජනාධිපතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවලදී විවිධ දේශපාලන පක්ෂවල යම් යම් සාකච්ඡා කතාබස්ද නැත්තේ නොවේ.
පසුගිය සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී යම් සාකච්ඡාවක් සිදුවිය.
“මට පොහොට්ටුවේ ඡන්ද කීයක් විතර වැටෙයිද” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විමසීය.
“සර්... ගෝඨාභය මහත්තයට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. හැබැයි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපිට ලැබුණේ ඡන්ද ලක්ෂ 68යි. සජිත් ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 55ක් ගත්තා. හැබැයි එතැන එක්සත් ජාතික පක්ෂයේත් ඡන්ද තිබුණා. හැබැයි සජිත් සජබ විදියට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඇවිල්ලා ගත්තෙ ඡන්ද ලක්ෂ 27යි. ඔය ඡන්ද දෙකේදීම මාලිමාව ගත්තෙ ඡන්ද ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක්” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය.
“ඔව්... ඉතිං” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද කතාවට එක්වූයේ දීර්ඝ කතාබහකට මුලපුරමිනි.
“ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 55ක් ගත්ත සජිත් මහ මැතිවරණයේදී ගත්තෙ ඡන්ද ලක්ෂ 27යි. ඡන්ද ලක්ෂ 28ක් විතර එතුමාට අඩු වෙලා. ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය වුණ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මහ මැතිවරණයට තනියම ඉදිරිපත් වෙලා ගත්තෙ ඡන්ද දෙලක්ෂ පනස්දාහයි. පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එ.ජා.ප යට ඡන්ද දාන්න මිනිස්සු කැමති වුණේ නැහැ. ඒ ඡන්ද වැටුණේ නැහැ” යනුවෙන් ඇමති ප්‍රසන්න විස්තර කරන්නට විය.
“ඔව්.. මම අහන්නේ පොහොට්ටුවේ ඡන්ද කියක් විතර වැටෙයිද කියලා” යනුවෙන් යළිත් විමසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය.
“ඒක තමයි.. සර්, මම මේ කියාගෙන ආවේ... පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් සියයකට වඩා ඉන්නේ අපිත් එක්ක. පොහොට්ටුවේ ඡන්ද බෙදිලා තියෙන බව ඇත්ත. ඒත් සර් එක්ක ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් වෙච්ච අපිට ඡන්ද ලක්ෂ 40ක් විතර ගේන්න පුළුවන්” යනුවෙන් ඇමති ප්‍රසන්න රණතුංග පැවසුවේ, දැඩි විශ්වාසයකින් යුතුවයි.
“මම එන්නේ රට ගොඩදාන්න මිසක්, මට ගොඩයන්න නොවෙයි. මේ ට්‍රැක් එකෙන් පිට ගියොත් රට ඉවරයි..” යනුවෙන් ජනාධිපතිවරයා ඇමති ප්‍රසන්නගේ කතාවට පිළිතුරු ලෙස කීවේය.
“අපි ඒක තමයි ජනතාවට තේරුම් කරලා දෙන්නේ. මහජන රැලි තියෙනවාට වඩා පොකට් මීටින් තියෙන එක තමයි වැඩිම වාසිය තියෙන්නේ” හිටපු ඇමති මනූෂ නානායක්කාර කතාවට එක්විය.
“කැන්වසින් කරන එක තමයි හොඳම විසඳුම. මම ගම්පහ කැන්වසින් කරගෙන යනවා. තව පොකට් මීටින් තියෙනවා. සමහරුන් මාලිමාව පැත්තට කතා කළාට ඊට වඩා වැඩි පිරිසක් නිහඬ ඡන්ද වැටෙන්නේ ජනාධිපතිතුමාට” ඇමති ප්‍රසන්න එලෙස පැහැදිලි කළේය.
“ඔව්... ඔයාලා ගම්වල මිනිසුන්ට ඇත්ත කියන්න.. මට බොරු කියලා දිනන්න ඕන නැහැ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් කරමින් කීවේය.
මේ අතර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම වාගේ දිවා රාත්‍රි එක දිගටම ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙනි.
බෙලිඅත්ත, තංගල්ල, මුල්කිරිගල, තිස්සමහාරාම යන මැතිවරණ කොට්ඨාසවල සෑම ගමකටම ගොස් අජිත් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ අනාගතය ගැන සිතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනවීමට ක්‍රියා කළ යුතු බවයි.
වැටුණු රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවට අණපනත් රැසක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කළ බවත්, එම අණපනත් හේතුවෙන් රටේ ආර්ථිකය මේ වනවිට ශක්තිමත් වූ බවත් පෙන්වා දුන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ, එම අණපනත්වලට අතඔසවන පුද්ගලයන් මරා දමන බවට ඇතැම් විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් එදා තර්ජනය කළ බවයි.
එදා එසේ තර්ජනය කරමින් ජනතාව පෙලඹවීමට උත්සාහ කළ ඇතැම් දේශපාලන පක්ෂ කිසිදු ලැජ්ජා බයක් නොමැතිව ප්රජාතන්ත්රවාදය ගැන කථා කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බවද අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා විසින් පෙන්වා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුව පසුගිය සතියේදී රැස් විය. ඇමති ප්‍රසන්න රණතුංග, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, මහාචාර්ය ආශු මාරසිංහ, රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
“සර්ට... ජනාධිපතිතුමා හොඳ වශියක් දීලා වගෙයි” මෙම සාකච්ඡාවට එක් වූ එ.ජා.ප නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.
“මට වශී ගුරුකම් කළේ මගේ නෝනා විතරයි. අනිත් අයගේ වශී ගුරුකම්වලට මම අහුවෙන්නේ නැහැ”යනුවෙන් ඇමති ප්‍රසන්න කී කතාවට සියල්ලෝම සිනහසුණහ.
මංජු ශ්‍රී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd