අච්චු ගැසූ මුදල් ගැන අනුර අධි තක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා "
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දෛනික කටයුතු දත්ත පරිශීලනය කොට ඇත.

FactCheck.lk මඟින් මීට පෙර අවස්ථාවකදීද පෙන්වා දී ඇති පරිදි, මුදල් මුද්‍රණය කිරීම වඩාත් විධිමත් ලෙසින් හඳුන්වන්නේ රජයේ අය වැය හිඟය සඳහා මුදල් සෙවීම (හිග මුල්‍යකරණය) ලෙසිනි.
එනම්, භාණ්ඩාගාරයෙන් නිකුත් කරනු ලබන රාජ්‍ය සුරැකුම්පත් සෘජුවම මිලදී ගැනීම සඳහා මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගසා ඒ හරහා රජයේ අය වැය හිඟය පියවන්නට කටයුතු කිරීම මෙයින් දැක්වේ. මහ බැංකුව විසින් මිලදී ගත් රාජ්‍ය සුරැකුම්පත් වල අගය, ඒවායේ ප්‍රකාශිත අගය හෝ පොත් අගය හෝ (වෙළඳපොළ සඳහා ලකුණු කළ) ඔස්සේ වාර්තා කළ හැක (නිදර්ශක අංක 1 බලන්න).
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ රුපියල් බිලියන 831 ක අගය, ඇතැම් විට 2019 නොවැම්බර් 28 දින තිබූ රුපියල් බිලියන 88 සිට 2021 මාර්තු 31 වන විට රුපියල් බිලියන 919 ක් දක්වා වූ හිඟ පොත් අගයේ වැඩිවීමට බැර කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් පෙනී යයි.
මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ගණනය කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් වැරදි දෙකක් සිදුකොට ඇත (නිදර්ශක අංක 2 බලන්න). පළමුව, මෙම රජය බලයට පත්වූ දිනය ලෙසින් ඔහු සඳහන් කරන දිනය නිවැරදි නොවේ. එය 2019 නොවැම්බර් 28 නොව, 2019 නොවැම්බර් 21 (නව අග්‍රාමාත්‍යවරයා සිය ධූරයේ වැඩ භාරගත් දිනය) විය යුතුය.
දෙවනුව, මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය වඩාත් ආසන්න අගයකට ගණනය කළ හැක්කේ භාණ්ඩාගාර බිල්පත් වල පොත් අගයෙන් නොව, ප්‍රකාශිත අගයෙනි. 2019 නොවැම්බර් 21 දින සිට 2021 මාර්තු 31 දක්වා භාණ්ඩාගාර බිල්පත් වල ප්‍රකාශිත අගය රුපියල් බිලියන 80 ක සිට රුපියල් බිලියන 842 ක් දක්වා වැඩි වී ඇත.
එනිසා, මෙම කාලසීමාව අතරතුර මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 762 ක් ලෙස දැක්විය හැක. එය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කළ අගයට වඩා 9% කින් අඩු අගයකි (නිදර්ශකය 1 බලන්න).
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.
නිදර්ශක අංක 1 :

නිදර්ශක අංක 2:

මූලාශ්‍ර:
ශ්‍රී ලංකා මහ බැංකුව, දත්ත පුස්තකාලය, දෛනික කටයුතු, ප්‍රවේශය: https://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/Indicators_DailyOperationsNew.aspx
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා, 2020, විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2020/en/16_S_Appendix.pdf
popular news
-
Deepal Nirosh Wednesday, 30 June 2021 01:52 PM
අනුර කුමාර මහතාගේ වාර්තාව හා මහ බැංකු වාර්තාව අතර පරස්පරතාවක් තිබෙන අතර නිවැරදි මහ බැංකු වාර්තාව බව ඇත්ත. එනමුත් එම වාර්තා දෙකින්ම ගම්‍ය වන්නෙ එකී කාල පරාසය තුළ රජය රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදල් අච්චු ගසා නිකුත් කර ඇති බවයි. මෙම ප්‍රමාණය රටේ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණයට සාපේක්ෂව කවර ප්‍රතිශතයක් ද ? අන්න එයයි ජනතාව වන අපට වඩා වැදගත්.
Reply : 2 110
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

