VAT නිදහස් භාණ්ඩ
එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සංශෝධන 2016 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි. පාර්ලිමේන්තුවේදී පසුගිය 26 වැනිදා සම්මත වූ මෙම බදු සංශෝධන අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව කාර්තුවකට පිරිවැටුම රු.මිලියන 12.5ක් හෝ වාර්ෂිකව රු.මිලියන 50කි. සෙසු භාණ්ඩ හා ෙස්වා සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රු.මිලියන 3ක් හෝ වසරකට රු.මිලියන 12ක් වේ.
දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත. කෙසේ වෙතත්, කිරිපිටි සඳහා පාලන මිලක් පවතින නිසා එහි මිල වැඩිවීමක් සිදුනොවනු ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව), රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇති අතර, නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.
නව සංශෝධනයට අනුව 2% ක්ව පැවැති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදුනොවන අතර කාර්තුවකට රු.මිලියන 3.75ක්ව පැවැති පිරිවැටුම් පරිමාව රු.මිලියන 3 දක්වා අඩුකර තිබේ.
දුරකථන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත. කෙසේ වුවද ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. ්
පැහැදිලි ඡායාරූපය පහත සබඳියට යොමුවීමෙන් ලබාගන්න
http://editorial.ada.lk/wp-content/uploads/file/vat.jpg
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

