ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය (TRINEX)-2014 ඊයේ (01) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීමට හා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නිලධාරීන්ට අංග සම්පූර්ණ සාගරික අභ්‍යාසයක් පිළිබඳව පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීම සඳහා මෙම නාවික අභ්‍යාසය ක්‍රියාත්මක කරයි.