www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සමුළුම කැම්බල් පිටියේදී ආරම්භ විය. ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද සමුළුවට එක්ව තිබේ. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රිවරු මෙහිදී දැක ගැනීමට නොහැකිය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමුළුවට එක්වීම සඳහා ආරාධනා කළ බව නිදහස් පක්ෂ ලේකම් අමාත්ය දුමින්ද දිසානායක මහතා පැවැසූ අතර සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසුවේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ළඟම ඇති පුටුව මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කර ඇති බවයි.
හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු අග්රාමාත්ය දී.මූ. ජයරත්න යන මහතාද සමුළුවට එක්ව තිබේ.
සමුළුව සඳහා හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, ද්රවිඩ සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd