ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
"හෙට දකින රනිල්" නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය අද සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.
1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්රමුඛ අරමුණ වේ.
රජයේ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd