ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා හා ධාවකයන්ගේ සංගමය (SLADA) සමග එක්ව 04 වැනි වරට සංවිධානය කළ සීගිරිය රැලික්‍රොස් - 2015 මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගිය ඉරිදා (02දා) සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට පත්විය.
යතුරු පැදි ඉසව් 12කින් හා මෝටර් රථ ධාවන ඉසව් 10කින් සමන්විත වූ මෙම තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ශෙහාන් සී. අධිකාරි සම්මාන දිනාගත් අතර, දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස අශාන් සිල්වා සම්මාන දිනාගත්තේය.
ඊට අමතරව දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ටී.වී.එස්. රේසිං (TVS RACING) සම්මාන දිනාගත් අතර, දක්ෂතම මෝටර්රථ කණ්ඩායම ලෙස ඊසි රේසිං (EY RACING) සම්මාන දිනාගත්තේය.
මෙම තරගාවලියෙන් ලැබෙන සියලු මුදල් ගුවන් හමුදා නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙනි.
ත්‍යාග හා සහතිකපත් ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය. ඊට අමතරව ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති එයාර් කොමොඩෝර් ජේ.එස්.අයි. විජේමාන්න, ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් හර්ෂ ජයතිලක යන මහත්වරුද සහභාගී වූහ.
ශෙහාන් සී අධිකාරී
අශාන් සිල්වා
ඡායාරූප - චානුක කුලසේකර
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd