www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද (24දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.
සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් 10 දෙනෙකුට මෙහිදී සංකේතාත්මකව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් සාමාජික කාඩ්පත් ලබාදීම සිදුවිය.
බැසිල් රජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් 75%ක් පමණ එම අවස්ථාවට සහභාගි වූ බවයි.
දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් මාර්ගයෙන් පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකරන බවත්, අද දිනයේදී සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd