කොටගල අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සතියකින් අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. කොළඹ, කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියක මැදිරි හතරක් පසුගිය (13දා) අලුයම පීලි පැනීමෙන් මෙම පාලමට දැඩි අලාභහානි සිදු විය.
වසර එකසිය පනහකට වඩා පැරණි එම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට සති තුනක කාලයක් ගතවන බව සැලසුම් කර තිබුණද එය සතියක කාලයක් අවසන් කිරීමට හැකිව තිබේ. දුම්රිය පාලම් නඩත්තු අංශයේ ඉංජිනේරුවරුන් හා මධ්‍යම පළාත නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරී මහත්වරන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ බදුල්ල හැටන් යන දුම්රිය මාර්ග නඩත්තු අංශ වල සේවකයන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත .
මෙසේ ප්‍රතිසංස්කරණය කරන ලද පාලම මතින් අද (20දා) උදෑසන දුම්රිය එන්ජිමක් සහ මැදිරි කිහිපයක් පරීක්ෂණ චාරිකාවක් සඳහා එම පාලම මතින් සාර්ථකව ධාවනය කරනු ලැබීය.
පාලමේ යෝග්‍යතාව තහවුරු වීමෙන් පසු මගීන් රැගත් දුම්රිය එම පාලම මතින් ධාවනය කිරීමට කටයුතු කරන බවත් ඉදිරි කාලයේදී පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී වේගය සීමා කිරීමට සැලසුම් කර තිබෙන බවද දුම්රිය ඉන්ජිනේරුවෝ පවසා සිටියහ.